රේගු වර්ජනයෙන් දිනක පාඩුව රු.බිලියන 02 ඉක්මවයි

Spread the love

රේගු නිලධාරීන්ගේ ගැටළුවට කඩිනම් විසදුම් ලබාදීමට පියවර නොගතහොත් ලබන සතිය වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතුවනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ අතර රේගු සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) සිව්වන දිනටත් ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් සිදුවන දෛනික මූල්‍ය පාඩුව රුපියල් බිලියන 2ක්.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පලකරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය පසුගිය බදාදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මක කෙරුණේය.

ඒ, වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත රේගු නිලධාරීන් හා මුදල් අමාත්‍යවරයා අතර ඊයේ (01) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වූ පසුබිමකයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු මූලස්ථානයේ කටයුතු අඩාල වී ඇති අතර, රේගු නිෂ්කාශන අංශයෙන් සාමාන්‍ය භාණ්ඩ නිෂ්කාශනය කිරීම නවතා තිබේ.

ඒ අනූව මේ වන විට නිෂ්කාශනය කරනු ලබන්නේ අල, ළූණු සහ ඖෂධ වර්ග පමණක් බව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙන්නේය.

මෙම තත්ත්වය තුළ දෛනිකව රජයේ ආර්ථිකයට එක්වන රුපියල් බිලියන 4ක පමණ ආදායම රුපියල් බිලියන 2 පමණ දක්වා සීඝ්‍රයන් පහළ බැස ඇත.

මේ අතර රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළේය.

ඒ අනූව රේගුවෙන් තම භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මතුව ඇති අපහසුතාව හා අලාභය නිසා ලබන අඟහරුවාදා හර්තාල් ව්‍යාපාරයක නිරත වීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමය තීරණය කර තිබේ.

මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!

RSL

Related Posts