යන එනමං නැති එජාපයේ මීලඟ තුරුම්පුව

Spread the love

බලලෝභීත්වයෙන් විවිධ කුප්‍රකට ක්‍රම යොදාගනිමින් ආණ්ඩු බලය ලබාගත්තද රටට හෝ ජනතාව වෙනුවෙන් කලහැකි දෙයක් නොමැතිව අතරමං වී සිටින එක්සත් ජාතික පක්ෂයේ මීලඟ තුරුම්පුව වී ඇත්තේ, බලය ඇති තෙක් හොරාකෑමට අවශ්‍යතරම් ඇමතිකම් නිර්මාණය කරමින් පවත්වා ගැනීමට බව දැන් පැහැදිලිය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් කැබිනට් ඇමැතිවරුන්ගේ, කැබිනට් නොවන ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා වූ යෝජනාවක් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඊයේ (01දා) භාර දී තිබේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් වෙත යොමු කොට ඇත්තේ එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටය.

එම යෝජනාවේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇති පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය ජාතික රජයක් පිහිටුවා ඇති බැවින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) ව්‍යවස්ථාව ප්‍රකාර කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 48ක් නොඉක්ම විය යුතු අතර කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බව පාර්ලිමේන්තුව තීරණය කරයි යන්නයි.

RSL

Related Posts