මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ ජනාධිපති විමර්ශන වාර්තාව ජනපති අතට

කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය. කමිටුවේ සභාපති විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, කමිටු ලේකම් ඞී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. …

Continue Reading

කුණු කන්දට යට වී මියගිය ගණන තවත් ඉහළට; 1000 කට වැඩි පිරිසක් රැඳවුම් කඳවුරේ

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි. ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක්‌ යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි …

Continue Reading

මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත

රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ ගැඹුරු අරුත මැනවින් තේරුම් ගැනීමට යම් හෙයකින් අප අපොහොසත් වුවහොත් එහි නිසැක ප‍්‍රතිඵලය අතිශයින්ම බිහිසුණු වියහැකිවාක් මෙන්ම, ඒ තුළ ජාතියක් …

Continue Reading

අවුරුදු උත්සවයට වෙන් කළ මුදල් විපතට පත් මීතොටමුල්ලට

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මඟින් ඉදිරි දිනවල පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සව අවලංගු කරමින් ඒ සඳහා වියදම් කිරීමට සැලසුම්කර තිබූ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් මීතොටමුල්ල ප්‍රදේශයේ විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය හා විපතට පත්ව අවතැන් වූවන් වෙනුවෙන් අමාත්‍යාංශයේ සාතිශය සංවේගය පළකර සිටින අතර නිපුණතා සංවර්ධන …

Continue Reading

වැසි වැටුණොත් මීතොටමුල්ල යළි අවදානම්…

ඉදිරියේදී වැසි වැටුණොත් මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යා හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බණ්‌ඩාර මහතා, “ඇත්තටම කුණු කන්ද නාය ගියේ නැහැ, සිද්ධ වුණේ කුණු කන්දේ බරට පොළොවේ තිබෙන පස්‌ තට්‌ටුවක්‌ විස්‌ථාපනය වීමයි. මෙහිදී කන්ද අවට නිවාස පැත්තකට තල්ලුවීමක්‌ සහ ඉහළට …

Continue Reading

දින 100 න් විසඳන්න ගිය කුණු කන්දේ ප්‍රශ්නය වවාගෙන කෑවේ කවුරුන්ද..? (විශේෂ)

දශක ගණනාවක් තිස්සේ විවිධ රජයෙන් යටතේ මේ රටේ කසල කළමනාකරණ කිරීමට නිසියාකාර ව්‍යාපෘතියක් සිදුනොවීමට ඇත්තටම හේතු කාරණා මොනවාද යන්න මේ රටේ ජනතාව දැනගත යුතුය. පසුගිය රජයන් විසින් විවිධ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළද ඒවාද ක්‍රියාත්මක නොවී යටයන ලදී. අතීතය රජයන් ගැන යළි කතාකොට දේශපාලන කුණු ඇවිස්සීම ඵලක් නැත. එහෙත් ජනතාවට නැවුම් පොරොන්දු ලබාදෙමින් පත්වූ වත්මන් යහපාලන රජය මෙම කුණු ප්‍රශ්නයේදී …

Continue Reading

මීතොටමුල්ල ඛේදවාචකය-මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළයයි

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ අනුව මේ වන විට කුණු කන්ද නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ළමුන් පස් දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙයි. නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මේ අතර ඊයේ (15) දිනයේදී විපතට …

Continue Reading

මීතොටමුල්ල ඇවිලෙයි! කොළඹ පිපිරීමක් අතලඟ! (විශේෂ-වීඩියෝ)

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතර එය මීට වඩා ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙම කුණු කන්ද පුපුරා ගොස් නාය යෑමට පෙර සිට මීතොටමුල්ල ජනතාව අඛණ්ඩව වසර ගණනාවක් පුරාවට අරගල කළහ. පැවති රාජපක්ෂ රෙජීමය පාලනයත්, පවතින රනිල්-මෛත්‍රී යහපාලනයත් ඒවායේ දේශපාලනුවොත් දශක ගණනාවක් පුරා පැවතෙන මෙම කුණු ප්‍රශ්නයට විසඳුම් …

Continue Reading

මීතොටමුල්ල ඛේදවාචකය; ජිවිත හානි සහ දේපළ හානි රැසක් (Video)

මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුව ඇති අතර නිවාස ගණනාවකට බරපතළ හානි සිදුව ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ. අද (14) ප.ව 3.00 ට පමණ කුණු කන්දේ කොටසක් නායගොස් ඇති අතර සිද්ධියෙන් 12 හැවිරිදි මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග …

Continue Reading