මීතොටමුල්ල ඇවිලෙයි! කොළඹ පිපිරීමක් අතලඟ! (විශේෂ-වීඩියෝ)

Spread the love

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතර එය මීට වඩා ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙම කුණු කන්ද පුපුරා ගොස් නාය යෑමට පෙර සිට මීතොටමුල්ල ජනතාව අඛණ්ඩව වසර ගණනාවක් පුරාවට අරගල කළහ.

පැවති රාජපක්ෂ රෙජීමය පාලනයත්, පවතින රනිල්-මෛත්‍රී යහපාලනයත් ඒවායේ දේශපාලනුවොත් දශක ගණනාවක් පුරා පැවතෙන මෙම කුණු ප්‍රශ්නයට විසඳුම් දෙනවා වෙනුවට තම කුප්‍රකට දේශපාලන අවස්ථාවාදීත්වය තුළ කල්මරමින් වාසි ලබාගත්හ.

එහෙත් පෙරේදා (14) නොසිතූ පරිදි මීතොටමුල්ල කුණු කන්ද පුපුරා නාය යෑමත් සමඟම මීතොටමුල්ල ජනතාව පෙරට වඩා අවස්ථාවාදී දේශපාලඥයින්ද එරෙහිව සංවිධානය වී ඇති අතර ඊයේ(15) “කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය” පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් තම ශක්තිය පෙන්වීමට සුදානම් වන්නේ කෙසේදැයි අවධාරනය කරන ලදී.(වීඩියෝව නරඹන්න)

කෙසේ වෙතත් මෙම ජනතාව මේ මොහොතේදී ඉතා ආවේශීලිවත්, මානුෂීයවාදීවත්, අපක්ෂපාතීවත් කුප්‍රකට දේශපාලඥයින්ට සහ පාලකයින්ට එරෙහිව සංවිධානාත්මකව කටයුතු කළහොත් එය කුණු කන්දට එහා ගිය රටට විප්ලවීය වෙනසක් වෙනුවෙන් වූ මහා පිපිරීමක් වනු ඇතැයි සමාජ විචාරකයෝ පවසති.

RSL

Related Posts