මීතොටමුල්ල ඛේදවාචකය; ජිවිත හානි සහ දේපළ හානි රැසක් (Video)

Spread the love

මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුව ඇති අතර නිවාස ගණනාවකට බරපතළ හානි සිදුව ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ.

අද (14) ප.ව 3.00 ට පමණ කුණු කන්දේ කොටසක් නායගොස් ඇති අතර සිද්ධියෙන් 12 හැවිරිදි මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග එහි ගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීහු යටවූවන් සොයා වෙහෙසෙති. ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීමෙන් සමස්ත ප්‍රදේශයම අඳුරේ ගිලී තිබුණද ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීහු උත්සාහය අත් නොහැරම කටයුතු කරමින් සිටිති.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

කුණු කන්දේ කොටසක් නායයාමෙන් නිවාස 70-80 ට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇත.

[youtube 40tUZSUJIi0]

RSL

Related Posts