රනිල්ගේ කම්කරු වූ කථානායක කරූ

මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය* පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති …

Continue Reading

කථානායක කරූ පක්ෂ දේශපාලනයෙන් වියරු වැටෙයි! විධායකයත් අභිබවා යමින් පිස්සු කෙළියි! (වීඩියෝ)

ආණ්ඩුබලය වෙනස් වූ දේශපාලන පසුබිම තුළ වත්මන් කථානායකවරයාගේ වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී දේශපාලන හැසිරීම අද(05) තවත් ගැටළුකාරී තත්වයක් දක්වා වර්ධනය වූයේ තම පක්ෂයේ දේශපාලන උවමනාව මත ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සමඟිනි. විවිධ අවස්ථාවන්වලදී තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයෙන් පැන යෑම, මැර ක්‍රියා කිහිපයක් හැරුණු කොට මෙරට යම් මට්ටමක කීර්තිමත් දේශපාලඥයෙකුව මේ වන විට කථානයකවරයා ලෙස කටයුතු වයෝවෘද කරූ …

Continue Reading

පාර්ලිමේන්තුව නොවැ.14 වනදා වහාම කැඳවන ලෙස ජනපති කථානායකට නියෝග කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(I) අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට නියෝග කොට ඇත. ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මස 27 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් …

Continue Reading

පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනපති නියමයෙන් කථානායක දැනුම් දෙයි

ජනාධිපතිවරයා සමඟ තමන් සිදුකළ පැය එකහමාරක පමණ දිර්ඝ සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස ජනාධිපතිවරයා තමාට කථා කොට පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට දැනුම් දුන් බව කථානායක කරු ජයසුරිය අද දැනුම් දුන්නේය. කථානායක කරූ ජයසූරිය සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ. …

Continue Reading

ජනපති සහ කථානායක පැය එකහමාරක සාකච්ඡාවක්; පාර්ලිමේන්තුව කැඳවමින් නව අගමැති සහ ආණ්ඩුව පිළිගන්න සූදානම්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර ඊයේ(31) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව පැය එකහමාරයකට ආසන්න කාලයක් ඉතා සුහදව පැවැති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදී කථානායකවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර කථානායකවරයා සිදු කළ ඉල්ලීම සලකා බලා ඉදිරියේදී තම …

Continue Reading

අගමැති මහින්ද බව නීතිපති යළි තහවුරු කරයි; කථානායක පක්ෂපාතී වෙමින් සැඟවෙයි (වීඩියෝ)

රටේ අගමැති කවුරුන්දැයි කියා පැහැදිලි කර ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බව වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇතැයි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ නව රජයේ පළමු මාධ්‍ය හමුව ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අවස්ථාවේදීය. …

Continue Reading

කරූ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් කැඳවයි

කථානායක කරු ජයසූරිය මහතා විසින් අද(30) පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දේශපාලන පක්ෂ කිහිපයක් විසින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කළ ඉල්ලීමට අනුව කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය. වර්තමානයේ ඇති වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් …

Continue Reading

පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා කතානායකට ලිපියක්

නීතියේ අධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසයි. කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායකයේ අධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගත යුතු බවයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ නියෝජිතයින්ගේ අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂනායක ආර්. සම්බන්ධන් කතානායක කරු ජයසූරිය වෙත යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන් වෙයි.

Continue Reading

කථානායකට පිටකොන්දක්, මොළයක් දෙන්න අපිට බෑ

කථානායකතුමාට කරුණු පැහැදිලි කර දීමට තමන්ට හැකි නමුත් ඒවා තේරුම් ගන්න මොළයක් ලබාදීමට නොහැකි බවත් අපට සිටින්නේ රිමෝට් කන්ට්‍රෝල් කථානායකතුමෙක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය. විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක හතරටම අපි උත්තර …

Continue Reading

කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට …

Continue Reading