අගමැති මහින්ද බව නීතිපති යළි තහවුරු කරයි; කථානායක පක්ෂපාතී වෙමින් සැඟවෙයි (වීඩියෝ)

Spread the love

රටේ අගමැති කවුරුන්දැයි කියා පැහැදිලි කර ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බව වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇතැයි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ නව රජයේ පළමු මාධ්‍ය හමුව ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අවස්ථාවේදීය.

කථානායකවරයා එම විමසීම විද්යුත් තැපෑල මගින් සිදුකර ඇති අතර ඊට අදාළ පිළිතුර විද්යුත් තැපෑල ඔස්සේම ලබාදී ඇතැයි කී ඇමැතිවරයා එහි මුද්‍රිත පිටපතක් ද මාධ්‍ය හමුවට ඉදිරිපත් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව අගමැතිවරයා පත් කිරීම සඳහා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පිළිගත යුතු බවත් වැඩ බලන නීතිපතිවරයා එම පිළිතුරෙහි සඳහන් කර ඇති බවද ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව කථානායක කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ මෙම කාරණාව සම්බන්ධයෙන් කථානායකවරයාට එවැනි පැහැදිලි කිරීමක් ලැබී නොමැති බවයි.

එම නිවේදනය මෙසේයි.

අග්‍රමාත්‍ය ධුරයේ නිත්‍යයානුකූලව කටයුතු කිරීමේ බලය හිමි වන්නේ කා හට ද යන්න පිළිබඳව කථානායකතුමන් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමුකර ඇති බවත්, එම පැහැදිලි කිරීම කථානායකතුමන් විසින් අනාවරණය නොකරන බවටත්, 2018.10.29 වන දින ඇතැම් පාර්ශ්වයන් විසින් කර ඇති ප්‍රකාශයන් කෙරෙහි අපගේ අවධානය යොමුව ඇත. එම ප්‍රකාශයන් සහ ඒ ඇසුරින් පළවන මාධ්‍යය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත්, එවැනි කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මේ වන තෙක් කථානායකතුමන් වෙත ලැබී නොමැති බවත් වගකීමෙන් යුතුව සඳහන් කරමු.

RSL

Related Posts