ක්‍රීඩකයන්ව ඇතුළට දාන්න මටත් අල්ලස්‌ දෙන්න හැදුවා

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම සඳහා තමාට අල්ලස්‌ දීමට තැත් කළ බවත් අදාළ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට දැන්වූ බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ බී.බී.සී. සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. ”මටත් අල්ලස්‌ දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයන්ව කණ්‌ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ …

Continue Reading

මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)

අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …

Continue Reading

ජනපතිගේ අණ නොතකා හරීන් කුප්‍රකට ඊ පාස්පෝට් මගඩියෙන් මහජන මුදල් කෝටි 214ක් කාබාසිනියා කරයි

ශ්‍රී ලංකා ‘ඉ’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බි්‍රතාන්‍ය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ. කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ අවම වශයෙන් වසර විස්සකට හෝ විසි පහකට හෝ පිරිනැමෙන බැවින් ඒ …

Continue Reading

හරීන්ගේ සහ ගෝලයින්ගේ දූෂණ-වංචා හෙළිකළ අය සේවයෙන් නෙරපයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලූෂන්ස් ආයතනයේ සේවය කළ සේවකයකු සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවක රජය හා රාජ්‍ය දේශපාලකයන් අපහසුතාවයට පත්කරන ආකාරයේ අදහස් දක්වන බවට චෝදනා කරමින් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ කේ.ජී.කේ. දිල්ශාන් නැමැති විජයගම, බෙරලපනාතර අයකුගේය. අප සිදුකළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ තැනැත්තා විසින් තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ …

Continue Reading

මම O/Lවත් ලියලා නැති කාලෙත් පක්ෂ නායකයා අද ඉන්න නායක Mr.රනිල්ම තමා – ඇමති හරීන්

එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වන විට තමන් සාමාන්‍ය පෙළ ලියා තිබුණේ නැතැයි ද පක්‍ෂයේ දැවැන්ත වෙනසක්‌ සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද විදේශ රැකියා ප්‍රවර්ධන සහ විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ අදහස්‌ පැවසුවේ ඉකුත් 17 දා ගාල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් …

Continue Reading

හරීන් යවපු බැලුමට මොකද වුණේ..?

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම අන්තර්ජාල පරිශීලනය කරනු ලබන්නෙකු බවට පත්කරලීමට සහ රටත තුල ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ දූරදර්ශී වැඩපිළිවෙල යටතේ ICTA ආයතනය හරහා මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නැන්වින. මේ තුලින් මුළු රටම 4G LTE අන්තර්ජාල පහසුකමින් ආවරනය කිරීම Google Loon අරමුණ විය. Google Loon ව්‍යාපෘතිය පිළිබදව විවිධ මතිමතාන්තර ගොඩනැගෙමින් පවතින අතර මේ වන ශ්‍රී ලංකාවට යෝජිත Google Loon ව්‍යාපෘතිය …

Continue Reading

හරීන්ගේ ගූගල් බැලූන් ප්‍රෝඩාවක්!

ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය කාලයේ බොහෝ කතා පවත්වනු ලැබුවේ ගූගල් ලූන් බැලූන් ව්‍යාපෘතිය ගැනය. එය ඔහු විසින් ගූගල් බැලුමටත් වඩා පුම්බන ලද ලොකු කතාවක් බව හෙළිදරව් වෙයි. ගූගල් සමාගම විසින් ගුවන්ගත කරන එම බැලූන මගින් මුළු රට ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් දෙනවා මෙන් කතා කළත් ඒ එක් බැලූනයකින් අන්තර්ජාල පහසුකම් ලබාගත හැක්කේ 400ක් පමණක් බවත් …

Continue Reading