ක්‍රීඩකයන්ව ඇතුළට දාන්න මටත් අල්ලස්‌ දෙන්න හැදුවා

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම සඳහා තමාට අල්ලස්‌ දීමට තැත් කළ බවත් අදාළ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට දැන්වූ බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ බී.බී.සී. සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

”මටත් අල්ලස්‌ දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයන්ව කණ්‌ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට කියලා තියෙනවා.” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මම 16 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට දැන්වූවා. එතුමා ඔළුවේ අත තියා ගත්තා.’ යෑයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පළමුව අල්ලස්‌ දීමට තැත් කළ අවස්‌ථාවේදී තමාව පරීක්‌ෂා කිරීමට කිසිවකු විසින් දෙන ලණුවක්‌ද යන්න ක්‍රීඩා ඇමැතිවරයා විමසිලිමත් වූ බවත් මෙවැනි තත්ත්වයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ සිදු නොවූ දෑ බවත් ඔහු පවසයි.’මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ. මම හිතුවා මේක මට ආපු ලණුවක්‌ද කියලා මාව අල්ලගන්න. මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා.’

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දූෂණ සම්බන්ධයෙන් කරුණු රැසක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය ලබාදුන් පොදු සමා කාලය තුළදී වාර්තා වී ඇති බවත් අදාළ පුද්ගලයන්ට දඬුවම් දීමට හැකි පනත මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කරයි.

අදාළ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සදහන් කර සිටියේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන තෙක්‌ එක්‌දින කණ්‌ඩායමේ නායකයා වශයෙන් ලසිත් මාලිංග නම් කර ඇති බවට තමාට දැනුම් දුන් බවයි. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් අතුරු කමිටුවක්‌ පිහිටුවීමට අවස්‌ථාව නොදීම නිසා රොෂාන් මහානාමගේ සභාපතිත්වයෙන් පත්කිරීමට ගිය අතුරු කමිටු සංකල්පය වෙනස්‌ කර ගැනීමට සිදුවූ බවත් ඔස්‌ටේ්‍රලියානු සංචාරය අතරතුරදී මහානාම වැනි හිටපු ක්‍රීඩකයන් සමග කණ්‌ඩායම මුණගැසීමට තමා බලාපොරොත්තුවන බවත් ඇමැතිවරයා පවසයි.

-දිවයින-

RSL

Related Posts