උතුර නැගෙනහිර ජනයාට වානේ නිවාසවලින් පන්නරය ලැබිය හැකිද?

ආදේශ නිවෙස්‌ දෙකක්‌ උතුරු පළාතේ ඉදිකර ඇත. කෝපායි සහ තෙල්ලිප්පලෛ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි මෙම නිවෙස්‌ දෙක ඉදිකර තිබේ. මෙකී නිවෙස්‌ ඇතුළත පවතින අධික උණුසුම දරාගත නොහැකි බවත් ස්‌පොන්ඡ් වැනි කොටසක්‌ බිත්ති අතර පවතින බවත් කුඩා සතුන් එමගින් නිවෙස තුළට පැමිණීමේ අවධානමක්‌ ඇති බවටත් චෝදනා එල්ල වේ. මෙම වානේ නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා පැවසුවේ මධ්‍යම ආණ්‌ඩුව …

Continue Reading

ඇමති රාජිත මාලේ යයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (05) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරයට සහභාගිවීම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. එම සැසිවාරය ලබන 06 වනදා සිට 11 වනදා දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ සභාපතීත්වය අමාත්‍ය රාජිත …

Continue Reading

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කළ බවට තමා දන්නා බව පැවසීම තුළ ම වසර 8ක් පුරා යුද අපරාධ වසන් කිරීම හේතුවෙන් මෙලෙස හිටපු …

Continue Reading

ෆීල්ඩ්මාෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගේ විරෝධය

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (03 දා) ඉල්ලා සිටියේය. එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය. පසුගිය …

Continue Reading

අගමැති රනිල්, අර්ජුන් මහේන්ද්‍රගේ පටි තද කරයි

ඉදිරියේදී දේශීය හා විදේශීය බැඳුම්කර නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව සෑම මාස තුනකට වරක්‌ සවිස්‌තර වාර්තාවක්‌ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට නියෝග කර ඇත. මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර විදේශ සංචිත පිළිබඳවද සෑම මාස තුනකට වරක්‌ පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටුව වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරන …

Continue Reading

හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!

පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ …

Continue Reading

යෝෂිතගේ මිත්තනියගේ නමට බිලියන ගණනක් වටිනා ඉඩම් 14ක් මිලදීගෙන

CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්‍රාග්ධනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී වැදගත් තොරුතුරු රාශියක් අනාවරණය වී ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්ෂි මත සිදු කළ වත්කම් පිළිබඳ පරීක්ෂණවලදී අනාවරණය වූ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස සහ දේපල පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට අනුව යෝෂිත රාජපක්ෂ පාර්ශවයෙන් ලබා …

Continue Reading

මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)

පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් …

Continue Reading

තාජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායක කළ හෙළිදරව්ව!

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අමානුෂික ‍වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය කර සිටියේය. සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් …

Continue Reading

හොරුන්ගෙන් කප්පම් ගන්නා යහපාලනයේ ඇමැතියෝ! (විශේෂ)

මේ වන විට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ චෝදනා ලබා නඩු ගොනු කොට අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් සමඟ ඩීල් දමා ඒවායින් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල කප්පම් ලබාගැනීමේ මෙහෙයුමක් වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් සිදුකරනු ලබයි. ඒ අතර ඇමති වජිර අබේගුණවර්ධනද ප්‍රබලයෙකු බවට පත්ව ඇතිබවට කරුණු අනාවරණය වේ. පැවති රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට දූෂිත වංචාකාරයෙකු …

Continue Reading