හොරුන්ගෙන් කප්පම් ගන්නා යහපාලනයේ ඇමැතියෝ! (විශේෂ)

Spread the love

Ranil_Maithri_sadමේ වන විට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ චෝදනා ලබා නඩු ගොනු කොට අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් සමඟ ඩීල් දමා ඒවායින් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල කප්පම් ලබාගැනීමේ මෙහෙයුමක් වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් සිදුකරනු ලබයි. ඒ අතර ඇමති වජිර අබේගුණවර්ධනද ප්‍රබලයෙකු බවට පත්ව ඇතිබවට කරුණු අනාවරණය වේ.

පැවති රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට දූෂිත වංචාකාරයෙකු ලෙස නම් දරා සිටින අනුෂ පැල්පිට නමැති දූෂිත රාජ්‍ය නිලධාරියා ඊයේ සිට තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කර ගැනීමෙනි. රජයේ මුදල් රුපියල් කෝටි 60 ක් සිල් රෙදි බෙදාදීම වෙනුවෙන් වංචාකිරීමට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන මෙම අනුෂ පැල්පිට නම් දූෂිතයා වජිර අබේගුණවර්ධන ප්‍රධාන කරුණු දෙකක් වෙනුවෙන් තම තුරුලට ගෙන ඇතැයි වාර්තාවේ. ඉන් පළමු වැන්න නම් අනුෂ පැල්පිට මත පැටවී ඇති කෝටි 60 නඩුවෙන් ඔහු මුදාගැනීමේ කප්පම් මුදල වෙනුවෙන් සහ දෙවැන්න ඔහුගේ පළපුරුද්ද උපයෝගී කොටගනිමින් යහපාලනයෙන් හොරාකෑමත් වෙනුවෙන් බවට උපකල්පනය කළ හැක.

මේ සම්බන්දයෙන් ඇමති වජිර අබේගුණවර්ධනගෙන් ලංකා ඊ නිව්ස් කළ වීමසීමකදී ඔහු පවසා ඇත්තේ “මේ ආපදා අවස්ථාවේදී මට අමාත්‍යාංශයේ වැඩ කරගෙන යන්න බෑ. එහි පුරප්පාඩු 30 ක් පමණ තිබෙනවා. අතිරේක ලේකම්ලා 3 ක් අඩුයි. එකවුන්ටන් කෙනෙක් නෑ. විගණන නිලධාරියෙක් නෑ. ඉංජිනේරුවන් අඩුයි.. මෙහෙම කොහොමද අමාත්‍යාංශයක් ගෙනියන්නේ. අනුෂ පැල්පිට හිටියේ පූල් එකේ. එයාගේ වැඩ තහනම් කරලා නෑ. මම එයාගේ නඩුව කියවා බැලුවා එයාට චෝදනා නෑ. චෝදනා තියෙන්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට. මෙයා කරලා තියෙන්නේ ලලිත් වීරතුංගගේ ඕඩර්ස් කැරිඅවුට් කරපු එක විතරයි. මේ නඩුව අහක යන නඩුවක්..” ලෙසටය.

වජිර අබේගුණවර්ධන මෙලෙස රජයේ මුදල් කෝටි 60 ක් වංචා කර ඇති අයෙකු සම්බන්ධයෙන් නඩුවක් රජයේ නීතිපතිවරයාම පවරා තිබියදී එහි තීන්දුව වජිර විසින් ගෙන මෙලෙස කටයුතු කිරීම කෙතරම් සදාචාර විරෝධීද? මේ තුළින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු රාජපක්ෂවරුන්ගේ දූෂණ වංචා පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට ලබාදෙන මානසික පීඩනය සහ බලපෑම කෙබඳුද? ජනපතිතුමනි, අගමැතිතුමනි රජයේ නිලධාරීන්ට අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වොයිස් කට් දුන්නාට පළක් නැත.

හොරුන්ගෙන් කප්පම් ගැනීමටත් උන්ගෙන් හොරකම් ඉගෙනගැනීමට සූදානම් වූ මැති ඇමතිවරුන් තමන් සමඟ සිටීනම් පළක් තිබේද? පොරොන්දු වූ ‘යහපාලනය’ ‘වහපාලනයක්’ නොවී ඔවුන් නෙරපීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම යහපාලනයේ නායක දෙපලගේ වගකීමයි.

RSL

Related Posts