හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!

Spread the love

Nashir-Bපසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ කලක් එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ අයෙකු වන අතර දරුවන් ඉදිරියේ ඉතා පහත් ලෙස හැසිරෙමින් නින්දිත වචනවලින් බැණ වැඳීම රජයේ දේශපාලන බලාධිකාරය හෙළා දැකිය යුතුය.

මහ ඇමැතිවරයා කපිතාන් ප්‍රේමරත්නට බැණවදින අවස්‌ථාවේ නැඟෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ඇමරිකානු තානාපති අතුල් කේශාප් යන මහත්වරුද වේදිකාවේ සිටි අතර ආණ්ඩුකාරවරයා එය වැළැක්වීමට උත්සහ ගත්තද ඔහුවද සිපයියෙකු වූ නෂීර් අහ්මද් මහ ඇමතිවරයා තුට්ටුවකට මායිම් කළේ නැත. මෙහිදී ඒ අසල සිටි පාසැල් ශිෂ්‍යාවකගේ හිසටද මෙම මහ ඇමතිවරයාගේ අතින් පහරක් වැදී ඇත.

[youtube B63HUiTKiGQ]

RSL

Related Posts