සජිත් සහ ගෝඨා ගැන ‘චම්පිකගේ නව කියවීම’

රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක  පවසයි. මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය …

Continue Reading

එජාපයේ සියලු චරිත අභිබවා එජාප නායකත්වය “හයිජැක්” කරන මෙහෙයුමක්..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ. 2020 ජනපතිවරණ උණුසුම සමග අපේක්ෂක පොරය තවත් වටයකින් කරලියට පැමින ඇත. එ.ජා.ප අපේක්ෂ කයන්ට සූට් මැසූවන් අතර සජිත් – චම්පික දෙබාන ඉදිරියෙන්ම සිටියි. කිලී මහරාජාගේ සහ සිරිසේනගේ අනුග්‍රහය සජිත්ට ලැබෙන පසුබිමක චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. අද රනිල්ගේ කපටි ආරක්ෂකයා වී ඇත්තේ චම්පිකය. චම්පිකගේ ජාතික මග – පන්නරය- …

Continue Reading

කයිවාරුකාර අලපාලුවන්ගේ කල්ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේදී රටම අඳුරේ..

2015 දී බලය ලබාගැනීම සඳහා අලපාලු කථා කියමින්, පොත් ලියමින් පැමිණි චම්පික රණවක වැනි ඊනියා කයිවාරු කාරයින්ගේ ඵලක් නැති වසර තුනහමාරක කල්ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේ දී දැවැන්ත විදුලි කප්පාදුවක් සමඟ රටම අඳුරේ වැටීමේ අවදානමක් පවතින බවට කරුණු අනාවරණය වේ. සැලසුම් කර තිබූ පරිදි අත්‍යවශ්‍ය විදුලි බලාගාර ඉදිනොකළ නිසා ලබන වසරේ බරපතළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල …

Continue Reading

එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!

මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, …

Continue Reading

ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සිල් රෙදි ඇඳගැනීමේ සුදානමක – ඇමති චම්පික

පසුගියදා මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් පිටුපස සිටින ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සහ දේශපාලනඥයින් වහා හෙලි කිරීමට පොලීසිය පියවර ගත යුතු බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(26) දින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව බත්තරමුල්ල හෙළ …

Continue Reading

මෙගා පොලිස් අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවලට රුපියලක්වත් ලැබී නැහැලු

මේ වසරේ සැප්තැම්බර් 17 වන දිනට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණත් මහානගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බවත්, බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැතැයි ද මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි. කිරිමණ්ඩල මාවතේ ඉදිකෙරෙන නව හරිත නගරය නිසාවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම කෙරවළපිටිය ආශ‍්‍රිත නව ප‍්‍රවර්ජන …

Continue Reading

ඇමති චම්පික හප්පාගෙන ගිය සන්දීපට තවත් සැත්කමක්

මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ වාහනයේ ගැටී බරපතළ තුවාල ලබා සිට පසුව සුවය ලබා සිය හෝමාගම පිටිපන නිවසට ගොස්‌ සිටි සන්දීප සම්පත් තරුණයා ඊයේ (26 දා) උදැසන යළි ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා පැවැසුවේ ඔහුගේ දකුණු අත සැත්කමකට භාජනය කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුළත් කළ බවයි. මෙම අනතුරෙන් පසු තවමත් තම පුත්‍රයාට සමබරව ඇවිදීමට …

Continue Reading

රතන හිමි චම්පික වෙනුවෙන් සෝභිත හිමියන්ගේ චරිතය ඇඳගන්න සැරසෙයි! (Exclusive)

කාලයක් තිස්සේ නිහඬව ආගිය අතක් නොමැති ලෙස සිටි ජාතික හෙළ උරුමයේත් වත්මන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි අඩියේම තමන්ගේද සහභාගීත්වයෙන් යුතුව ගොඩ නඟන ලද යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන බවත්, තමන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බවත්ය. මෙලෙස රතන හිමියන් යළි ඊනියා ජාතික ව්‍යාපාරයක් …

Continue Reading