රතන හිමි චම්පික වෙනුවෙන් සෝභිත හිමියන්ගේ චරිතය ඇඳගන්න සැරසෙයි! (Exclusive)

Spread the love

කාලයක් තිස්සේ නිහඬව ආගිය අතක් නොමැති ලෙස සිටි ජාතික හෙළ උරුමයේත් වත්මන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි අඩියේම තමන්ගේද සහභාගීත්වයෙන් යුතුව ගොඩ නඟන ලද යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන බවත්, තමන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බවත්ය.

මෙලෙස රතන හිමියන් යළි ඊනියා ජාතික ව්‍යාපාරයක් ඇරඹීමට සැරසෙන්නේ වත්මන් හෙළ උරුමයේ ප්‍රධානීත්වය නියෝජනය කරන අමාත්‍ය පාඨලී චම්පික රණවකව 2020 ජනාධිපතිවරණයේ පොදු ජනාධිපති අපේක්ෂකයකු කිරීම සඳහා වන කුප්‍රකට දේශපාලන සැලැස්ම වෙනුවෙන් වන බවට ‘රීඩ් ශ්‍රී ලංකා’ දේශපාලන බුද්ධි අංශ වෙත වාර්තාවේ.

පූජ්‍ය රතන හිමියන් 2015 ජනාධිපතිවරණයට පෙරද මෙවැනිම දේශපාලන ගමන් මඟක් ගත් අතර එහිදී හෙළ උරුමයේ දේශපාලන භූමිකාව කැපී පෙන්වීමට උත්සහ කළ අතර ඉන් විශාල ආර්ථික සම්පත් ප්‍රමාණයක්ද හිමිකරගත් බවට වාර්තා වුණි.

මේ වෙනුවෙන් චම්පික රණවක ඉදිරියේදී අතිවිශාල ප්‍රචාරණ මෙහෙයුමකට සැරසෙමින් සිටින බවටද වාර්තාවේ. මේ අනුව රතන හිමියන් අද සිට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටීම අරඹයි.

RSL

Related Posts