කැසිනෝ ධම්මිකලාගේ මුදල් බලයට කුප්‍රකට ජෝන් මෙන්ම කාවින්දත් යටවෙයි!

Spread the love

නීති විරෝධී ලෙස මුතුරාජවෙල ගොඩකරමින් හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමට කැසිනෝ ධම්මික ඇතුළු පිරිසක් කටයුතු කරගෙන යද්දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම ප්‍රදේශයේ වගකීම් භාර කුප්‍රකට ජෝන් අමරතුංග සහ කාවින්ද ජයවර්ධනලා ඇතුළු පිරිස් අඳ ගොළු බිහිරන් සේ කටයුතු කරන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

මෙලෙස මුතුරාජවෙල ගොඩකරන ඉඩම පිලබදව ප්‍රකාශිත හිමිකරු හැටියට පෙනී සිටින්නේ අජිත් පණ්ඩිතරත්න නැමැති අයවලෙකු වන අතර ධම්මිකට හිමි රතුපස්වල කුප්‍රකට රබර් කර්මාන්ත ශාලාවේ ප්‍රකාශිත හිමිකාරිත්වය ඇත්තේද මේ අජිත් නැමැත්තා හට බවද වාර්තාවේ.

මීට එරෙහිව ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට එජාප ප්‍රබලයන් වන ජෝන් අමරතුංග,ජෝශප් මයිකල් පෙරේරා,කාවින්ද ජයවර්ධන ඇතුළු කිසිවෙකුත් මෙම ජනතා උද්ඝෝෂණයට ඊයේ(15) පැමිණ සිටි නැත.

මේ සිදුවන දැවැන්ත විනාශයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව සංවිධානය කළ උද්ඝෝෂණයට පැමිණ සිටියේ නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සහ පලාත් සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර පමණි.

පොලිසිය මෙන්ම එම ප්‍රදේශය භාර දේශපාලඥයින්ද මෙලෙස නීතිවිරෝධී ලෙස මුතුරාජවෙල ඉඩම් ගොඩකරනා පාදඩයින්ගේ මුදල්වලට යටවී තිබෙන බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසා සිටියේය.

RSL

Related Posts