කයිවාරුකාර අලපාලුවන්ගේ කල්ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේදී රටම අඳුරේ..

Spread the love

2015 දී බලය ලබාගැනීම සඳහා අලපාලු කථා කියමින්, පොත් ලියමින් පැමිණි චම්පික රණවක වැනි ඊනියා කයිවාරු කාරයින්ගේ ඵලක් නැති වසර තුනහමාරක කල්ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේ දී දැවැන්ත විදුලි කප්පාදුවක් සමඟ රටම අඳුරේ වැටීමේ අවදානමක් පවතින බවට කරුණු අනාවරණය වේ.

සැලසුම් කර තිබූ පරිදි අත්‍යවශ්‍ය විදුලි බලාගාර ඉදිනොකළ නිසා ලබන වසරේ බරපතළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය හෙළිකර සිටී.

වසර හතරකට වතාවක් සාමාන්‍යයෙන් රටට දැඩි නියඟයකට මුහුණදීමට සිදුවන බවත් වසර හතරක් තිස්සේ මහා පරිමාණ එකදු බලාගාරයක් හෝ ඉදිනොකිරීම නිසා වැස්සත් නැතත් ඇතිවන විදුලි ඉල්ලුම අඛණ්ඩව ලබාදීම අභියෝගයක් යැයි ද එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට සුදුසුකම් සහිත පිරිසක් පත් කරන තෙක් එම කොමිසම සමඟ කිසිදු රාජකාරිමය කටයුත්තක් නොකිරීමට එම සංගමය තීරණය කර ඇත. එනිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉදිරි සැලසුම් සියල්ල අවුල් වී ඇතැයි ද කුමාරවඩු කියා සිටියේය.

යෝජිතව තිබූ සාම්පූර් ගල්අඟුරු බලාගාරය, කෙරවළපිටිය ස්වාභාවික විදුලි බලාගාරය (එල්.එන්.ජී.) ඇතුළු මෙගාවොට් 300ක් පමණ මහා පරිමාණ විදුලි ව්‍යාපෘති කිහිපයක්ම නවතා දමා ඇත. කාර්යබහුල වෙලාවලදී සාමාන්‍යයෙන් මොගාවොට් 2500කට වැඩි විදුලි ඉල්ලුමක් ඇති වන බවත් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මඟින් නිපදවන මෙගාවොට් 900ක විදුලි ධාරිතාව නොවන්නට අඛණ්ඩව විදුලිය ලබාදීම අභියෝගයක් බවද කුමාරවඩු පැවැසීය.

RSL

Related Posts