එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!

Spread the love

මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, ඊට ඔහුට ඇති ශක්තිය එජාපන නායක රනිල් වික්‍රමසිංහ ද පිළිගෙන ඇත. සජිත් ප්‍රේමදාසව එම තනතුරින් ඉවත් නොකර තාවකලිකව පමණක් මෙය ලබාදීමට එකඟවී ඇති අතර මෙම අරගලය ජයග්‍රහණය කිරීමෙන් පසුව චම්පික රණවකට පක්ෂය තුළ විශේෂ ස්ථානයක් ලබාදීමට නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි වාර්තාවේ.

එසේම දොස්තර රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් එජාප පාක්ෂිකයින් දිරිමත් කිරීම සහ ජාලගත කිරීම සඳහා ජාලගත සංවිධාන මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

RSL

Related Posts