එජාපයේ සියලු චරිත අභිබවා එජාප නායකත්වය “හයිජැක්” කරන මෙහෙයුමක්..!

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ. 2020 ජනපතිවරණ උණුසුම සමග අපේක්ෂක පොරය තවත් වටයකින් කරලියට පැමින ඇත. එ.ජා.ප අපේක්ෂ කයන්ට සූට් මැසූවන් අතර සජිත් – චම්පික දෙබාන ඉදිරියෙන්ම සිටියි. කිලී මහරාජාගේ සහ සිරිසේනගේ අනුග්‍රහය සජිත්ට ලැබෙන පසුබිමක චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. අද රනිල්ගේ කපටි ආරක්ෂකයා වී ඇත්තේ චම්පිකය.

චම්පිකගේ ජාතික මග – පන්නරය- සහ දැවන්ත කටවුට්

කෝටි ගනනින් මුදල් විසි කරමින් චම්පික සිය ප්‍රතිරූපය නංවා ගැනීමට වෙහෙසෙන්නේය. චම්පිකගේ දේශපාලන ව්‍යාපෘති අතර ” ජාතික මග” වඩාත් සංදර්ශනාත්මකය. මෑතකදී ඔහු ”පන්නරය” නමින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කලේය. රජයේ වියදමින් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ රැසක සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් ඔහුගේ කටවුට් ගැසීම ආරම්භ කර ඇත.

නීතිය හා සාමය අමාත්‍යංශය ඉල්ලීම

මීට අමතරව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි චම්පිකගේ අමාත්‍යංශ වලින් වැ‍ටුප් ලබන පුද්ගලයන් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කර ඇත. මොවුන් හරහා මැතිවරණ කමිටු ස්ථාපනය කොට ඇත. තවද රනිල් මුරුංගා අත්තේ තබමින් දේශපාලන ධාරාවේ විශේෂිත වැදගත්කමක් උසුලන කාර්ය භාර සියතට ගනිමින් සිටියි. පාස්කු ප්‍රහාරයෙන් පසුව නීතිය හා සාමය අමාත්‍යංශය තම යටතට ගැනීමට චම්පික දියත් කොට ඇති කුමන්ත්‍රනය සියල්ලටම වඩා කෙස් කෙලින් කරන සුළුය

හක්කේ බුදු‍රැස් බොක්කේ දඩ මස්

චම්පික යනු ගුප්ත චරිතයකි. ඔහුගේ ජීවිතය අතිශය රහසිගත කටයුතු වලින් පිරී ඇත.බොක්ක පුරා කුනු දඩමස් තිබුනද මුව පුරා විහිදෙන්නේ බුදු බනය. චම්පික නියලී සිටින්නේ තමා ඔසවා ගැනීමේ ව්‍යාපෘතියක බව සක්සුදක් සේ පැහැදිලිය. නමුත් චම්පික ඒ පිළිබදව කියන්නේ වෙන කථාවකි. ඔහු කියන්නේ මේ අවස්ථාවේ කල යුත්තේ ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම නොව සියළු දෙනා නායකයක් වන පුළුල් සංධානයක් ගොඩ නැගීම බවය. තමා වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන් බව ඔහු කියන්නේය.

නම්බු නාම ඉල්ලා මහනාහිමිවරුන්ට ලියුම් යැවීම

මෑතකදී මල්වතු මහා විහාරය මඟින් සජිත් ප්‍රේමදාස හට ’’ශාසන දීපන අභිමානී’’ නමින් ගරු නාමයක් ලබා දුන්නේය. මල්වතු විහාරයෙන් සජිත්ට නම්බු නාමයක් දීම චම්පිකට එල්ල කල අතුල් පහරක් විය . ” නිදන් හොරුන්ට ගරු නම්බු” කියා හීන් නූලෙන් මඩ ගැසීම ආරම්භ කලේ චම්පිකය. එපමනක් නොව එදා සිට අද දක්වා ශාසනයට සහ රටට කල සේවාව සලකා තමාටටද ගරු නම්බු නාමයක් ලැබිය යුතු යයි චම්පික මහනායක හිමිවරුන්ට ලියුම් ලීවේය .

වැඩ බැරි ටාසන්

න්‍යාය ටොන් එකකට වඩා ප්‍රයෝගිකව යොදවන අවුන්සයක දැනුම අගනා බව ලෙනින් කීවේය. චම්පික මොර‍ටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අවු 20 කට ආසන්න කාලයක් ප්‍රභල ඇමති ධූර දරමින් පාර්ලීමේන්තුවේ සිටියි. නමුත් මේ දක්වා ඔහුගෙන් රටට අත්වූ සේවයක් නැත. චම්පික මේසා දුර ආවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටිනි. එය හදුන්වා දුන්නේ සී.ඩබ් කන්නන්ගරය . කන්නන්ගරයෝ ඇමති ධූරයේ පළමු වසර දෙක තුන ගතවෙත්ම නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට ස්ථාපිත කළේය . අවු 20ක් ඇමති ධූර දැරූ චම්පිකට තම දැනුම් භාවිත කරමින් රටට කලා යයි පෙන්වීමට කිසිවක් නැත.රටට කල වැඩක් නොමැති වුවද චම්පික කථා පවත්වන්නේ නැනෝ තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය වැනි පට්ට මාතෘකා ගැනය.

ජවිපෙ දේශපාලනය සහ මහා පාවා දීම

චම්පික සිය දේශපාලන දිවියේ අකුරු කියවූයේ ජ.වි.පෙ තුලිනි. චම්පික භීෂණ සමයේ හමුදා අත් අඩංගුවට පත් විය. එකල්හි ප්‍රා සංවිධානයේ ප්‍රධාන වධකාගාරය වූයේ කොළඹ සරසවියේ නීති පීඨ කඳවුරය. කාසල් වීදියේදී පැහැරගත් චම්පික රනවක ගාල් කලේද මෙහිය. රාජිත මෙම කදවුරේ ප්‍රධානියෙකු විය.

චම්පික මෙහිදී ජවිපෙ ගැන දන්නා සියළු තොරතුරු රාජිත ඉදිරියේ වමෑරූ බව ප්‍රසිද්ධ රහසකි. එතැන් පටන් මොවුන් දෙදෙනා කෙතරම් සමීප වීදයත් රාජිතගේ දරුවන්ට ගෙදරටම පැමින ගණිතය ඉගැන් වූයේ චම්පිකය

ශාරුක් ඛාන් ගේ සංගීත සංදර්ශනයට බෝම්බ ගැසීම

චම්පික යනු සිල් රෙද්දක් පොරවාගෙන සිටින අන්ත ජාතිවාදියෙකි. ඔහු සෝම හිමිගේ මිනිය විකුනන් කෑ කථාව කවුරුත් දන්නා එකකි. 2004 වසරේ ශාරුක් ඛාන් සංගීත සංදර්ශනයකට පැමිනි විට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එවැනි ප්‍රහාරයක් සදහා ‘අයිඩියොලොජිය’ වැපුරුවේ චම්පිකය. ප්‍රහාරය එල්ල කලේ චම්පිකගේ දේශපාලන පක්ෂයේ ගෝලයෙකි

ප්‍රදීප් එක්නැලිගොඩ චම්පික ගැන ලියු කථාව

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ප්‍රගීත් එක්නැලිගොඩ ලියූ පාඨලී චම්පික රණවක නම් දේෂප්රේමියා සහ නිර්මලා ගැන කථාව ප්‍රසිද්ධ එකකි . එම කථාව ලියවුනේ චම්පික ගැනය . තවද එකී සටහන දේශපාලකයන්ගේ අස්වාභාවික චර්යාවන් පිලිබද කැඩපතිකි . ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීමට මෙයද එකී කථාවද යම් බලපෑමක් කළේය. චම්පිකගේ අස්වාභාවික හැසිරීම් නිසා බිරිද ඔහුගෙන් වෙන් විය. කල්යත්ම ඔහු බිරිදට සහ දරුවාට විවිධ අකටයුතුකම් කරමින් වන්දි ගෙවීම පවා පැහැර හැරි බව වාර්තා විය

චම්පිකගේ ගල් අගුරු මගඩිය

රට හෙල්ලූ ගල් අගුරු ටෙන්ඩර් මගඩිය ගැන ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම චෝදනා කළේ චම්පික ටය. එමගින් ටෙන්ඩර් කරුට හිමිවූ ශූද්ධ ලාභය මිලියන 1803 කි. ඒකී පුවත ‘මව්බිම’ පුවත්පතේ සිරස්තලය යටතේ වාර්තා කළේය. එම පුවත හා උරණ වූ චම්පික මාධ්‍ය සංදර්ශන තබමින් ” මව්බිම” පුවත්පතර එරෙහිව නඩු පැවරුවේය. පුවත්පතට නඩු දැමුවේ කෝටි 150ක් වන්දි ඉල්ලමිනි. නමුත් නඩු විභාගය ආරම්භ වී චම්පිකගේ රෙදි ගැලවෙන විට හීන් සිරුවේ චම්පික විසින්ම නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

හර්ෂ තිලකසිරි චම්පිකට එරෙහිව ඉදිරිපත් කල දිවුරුම් පෙත්සම

හර්ෂ තිලකසිරි වෝටර්ස් එජ් හෝටලයේ සේවය කල විධායක සුපවේදියෙකි. ඔහු චම්පිකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකුද විය . හර්ෂ තිලකසිරි, චම්පිකට එරෙහිව දිවුරුම් ප්‍රකාෂයක් ඉදිරිපත් කරමින් කෙස් කෙලින් කරන තවත් චෝදනාවක් කළේය. චම්පික ඔහුගේ පෙම්වතියට බලහත්කාරකම් කළ බව ඔහු කීවේය. UDA අධ්‍යක්ෂ චන්දන රණසිංහ, චම්පිකගේ පුද්ගලික රියදුරු සහ කරුදුවත්ත පොලිසියේ එස් අයි හේරත් ඔහුව පැහැරගෙන ගිය බවද එහි දක්වා තිබුනි. අනතුරුව රාජිතගේ ලේකම් කෙනෙකු වන වෛද්‍ය උපුල් ගුණසේකර හරහා අංගොඩ රෝහලට ඇතුල් කොට කම්පන ප්‍රතිකාර ලබා දුන් බව කීවේය.

හෝමාගම සංදීප සම්පත් රිය අනතුර

2016 පෙබරවාරි 28 දා රාත‍්‍රියේ රාජගිරියේදී චම්පිකට අයත් ජීප් රියේ ගැටී හෝමාගම සංදීප සම්පත් තරුණයා අනතුරකට පත් විය. උසාවියට චම්පිකගේ රියදුරෙකු ඉදිරිපත් වුවද බොහෝ දෙනෙකු කීවේ එම ජීප් රථය පැදවූයේ චම්පික බවය. සංදීප දැන් සදාකාලික රෝගියෙකි. සංදීපට අත්වූ ඉරණම ගැන කල කිරුනු මෛත‍්‍රිපාල සිරිසේන රුපියල් ලක්‍ෂ දහයක් ලබා දුන්නේය. නමුත් චම්පික සිය වාහනයට යට යටවූ සංදීප් බැලීමට කිසිදා නොගියේය.

විද්‍යා අමරපාලට එල්ල වූ පැනමා පේපස් චෝදනාව

විද්‍යා අමරපාල විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. වසර 20කට වැඩි කාලයක් තිස්සේ චම්පිකගේ සමීප මිතුරෙකි. අමාත්‍යංශයේ උපදේශකයෙකි . චම්පිකට යාන වාහන සැපයීම ඇතුළු විවිධ උපකාර කරන ලැයිස්තුවේ ඉහලින්ම සිටියේ මොහුය. මොහු මුදල් ආයෝජනය හා සම්බන්ධ වූ කුප්‍රකට Sovereign Capital Corporation නම් සිංගප්පුරු සමාගමේ අධ්‍යක්ෂකයෙකුද විය. පකිථානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් පවා හිරේ ගියේ ”පැනමා පේපස්” කරුණු මතය . ලෝකය පුරා විවිධ පුද්ගලයන් සැගවූ කළු මුදල් පැනමා පත්‍රිකා වලින් හෙලිදරව් විය. එම ලැයිස්තුවේ විද්‍යා අමරපාලගේ නමද වූ බව වාර්තා විය.

කෙරවලපිටියේ වංචාව

කෙරවලපිටිය විදුලිබලාගාර ටෙන්ඩරය ලබා දීමේදීද චම්පික බරපතල වංචාවක් සිදු කල බවට චෝදනාවක් එල්ලවිය. එපමනක් නොව ලක්දනවි සමාගමට අනුබද්ධ ආයතනයක් වන LTL සමාගම චම්පිකගේ නිවස සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීම පිලිබදවද චෝදනාවක්ද ඉදිරිපත් විය.

බුදුන්ගේ ධර්මයටත් කොපි රයිට් ක්ලේම් කරන චම්පික

චම්පික පෙනී සිටින්නේ සාසනයේ චිරස්ථිතිය සහ ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අයෙකු ලෙසිනි. හදපාන්ගොඩ නිවාතාප හිමි අපේ කාලයේ බිහි වූ යතිවරයෙකි. උන්වහන්සේ සිය නම සහ ඡායාරූප ප්‍රසිද්ධ කරනවාට විරුද්ධ අයෙකි. චම්පික මහා නගර සංවර්ධන අමාතංශයේ බනකට නිවාතාප හිමිට ආරාධනය කළේය. චම්පික නිවාතාප හිමිගේ විරෝධය මැද ධර්මදේශනාව පටිගත කොට සිය මුහුනු පොතට දැමුවේය. . ධර්මයට ලැදි බොහෝ දෙකෙන් චම්පිකගේ වීඩියෝව ඩවුන් ලෝඩ් කොට යූ ටියුබ් අප්ලෝඩ් කළෝය. නමුත් චම්පික ඊට උරණ විය. ඔහු කොපි රයිට් ක්ලේම් කලේය. චම්පික යනු බුදුන්ගේ ධර්මයටත් කොපි රයිට් ඉල්ලන එකෙකි.

එකම් කාසියේ දෙපැත්ත වූ බෞද්ධ මුස්ලිම් අන්තවාදය සහ චම්පික

මුස්ලිම් අන්තවාදය සහ බෞද්ධ අන්තවාදය යනු එකම කාසියේ දෙපැත්තය . බෞද්ධ අන්තවාදය අවුළුවමින් මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දුන් අය අතර චම්පික ප්‍රධාන චරිතයකි. ‘ජිහාඩ් අල්කයිඩා’ පොත ලියුවේ චම්පිකය. බොදුබල සේනා නම් කෝච්චිය ධාවනය වූයේ චම්පික ලියූ පොත් පින්චේ පීලී මතය. සාස්තර කාරයෙකු විසින් චම්පිකට රාජයෝගයක් ඇතැයි පැවසීමත් සමග ඔහු ජාතික දේශපාලනයට කුරුමානම් ඇල්ලුවේය.

එක්සත් ජාතික පක්ෂය ‘හයිජැක්’ කිරීම

චම්පික දැන් තටමන්නේ එ.ජා.ප හයිජැක් කිරීමටය.තව දින කිහිපයකින් සිරිසේනගේ ‘චැප්ටර්’ එක ඉවරෙටම ඉවරය . සිරිසේන ලග සිටින උන්ට තව ටික දොහකින් උන්හිටි තැන් අහිමි වන්නේය .රාජපක්ෂලා ලගට යා නොහැකි ශිරාල් ඇතුළු බොහෝ දෙනෙකුට නාවාතැන් දී ඇත්තේ චම්පිකය.

සිරිසේනට ඡන්දය දී ඉගෙන ගත් පාඩම

සිරිසේන වැනි පුද්ගලයෙකු රටේ ජනපති ලෙස පත්කර ගැනීම හරහා සිදුවූ විනාශය අති මහත්ය. යලි එවැන්නක් සිදු විය යුතු නැත. 2020 ජනපති අපේක්ෂකයා වීමට කැසකවන චම්පිකගේ ඉතිහාසය පිලිබදව මේ සටහන තැබුවේ එහෙයිනි. දර්ශනවාදියෙකු මෙසේ ලියා ඇත ”ඉතිහාසය පිලිබදව නොදන්නේ නම් ලේ උරාබොන දේශපාලකයන්ගේ, දඩයම් පිහි සපයන නය්‍යායාචාර්යවරුන්ගේ සහ ජනමාධ්‍ය මස් වැද්දන්ගේ නියත ගොදුර බවට පත්වෙනු ඇත’’

-තුෂාරා වන්නිආරච්චි-
lankanewsapp.com

RSL

Related Posts