වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි (වීඩියෝ)
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි. සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බවත්, ඒ තුළින් රටත් ජාතියක් ගොඩනැඟීම අපගේ සැලැස්ම බවත් මහනුවර බෝගම්බරදී ඊයේ (07) පැවැත්වුණු මුළු දැයම එක රොදට සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. තවදුරටත් අදහස් දක්වමින් ජූජ්‍ය ගලගොඩාත්තේ …
Continue Reading
ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති මෛත්‍රී අත්සන් තබයි!
අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාවලට වරද කරුවකු වී බන්ධනාගාරව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාල ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව හෙට හෝ නුදුරු දිනකදී ඥානසාර හිමියන් නිදහස්ව යළි කරලියට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
Continue Reading
මදාවි සාදුලාගෙන් යුක්තිය බේරාගනිමු..!
ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට පුරුදු කර ඇත්තේ සිංහල-බෞද්ධ ගැමි සමාජයේ උදවු උපකාර අවශ්‍ය, අසරණ අයවළුන් පිළිසරණ පතා යා යුතු වඩා ආරක්ෂාකාරීම හා ප්‍රතිලාභීම තැන ගමේ පන්සල බවයි. සමාජ-දේශපාලනික හැඟවුම් සියල්ලෙන්ම වියුක්ත කොට බැලූ කල …
Continue Reading
රාවණා බලය පිටුපස විමල් වීරවංශ?
විමල් වීරවංශ තම දේශපාලන ගමන අරඹන්නේ කවුරුත් දන්නා පරිදි වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙනි. නමුත් ඔහු අන්ත ජාතිවාදය නඩත්තු කරමින් තම දේශපාලන ගෝස්තරය සොයා ගන්නා බව දැන් ප්‍රකට කරුණකි. එසේ ද වුවත් විමල් ප්‍රමුඛ අනුගාමිකයන් තමන් ජාතිවාදීන් බව ප්‍රසිද්ධියේ කිසිදු තැනක පිළිගන්නේ නැත. එසේ වුවත් ඔවුන් එළිපිට නොවන රහසිගත ක්‍රම වලින් මෙරට ජාතිවාදය නඩත්තු කරන බව අපට ලැබුණ තොරතුරකින් …
Continue Reading
සාධු වාචාය සංවරෝ!
සිංහයෙක් සේ රක්ෂිත බන්ධනාගාරය ඇතුළට ගිය ඥානසාර හිමි මීයෙක් සේ එළියට ආවේ ය. එසේ පැමිණ පැවසුවේ “සාධු වාචාය සංවරෝ” යන බුදු වදන කවුරුත් හිතට ගත යුතු බව යි. මෙහි ඇති බරපතල ම ඛේදවාචකය නම් භික්ෂුවකට බුදු වදන සිහිවෙන්නට බන්ධනාගාරගත විය යුතු වීම ය. කෙසේ වෙතත් එසේ හෝ බුදු වදන මතක් වන්නේ නම් සතුටකි. එහි දී ඥානසාර හිමි පවසනු ලැබූ ගාථා …
Continue Reading
ඥානසාර හිමි 23 දක්වා යළි රිමාන්ඩ්!
පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16) එම චෝදනාවට අදාළ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව යි. මෙම සිදුවීමෙන් පසු බොදු බල සේනා හිමිවරුන් බොහෝ පිරිසක් කුපිතව උසාවිය අසල කලබල කළ අතර ඒ ගැන චෝදනා …
Continue Reading
ඥානසාරගේ තටු හැළෙයි!
අප මෙයට පෙරද වාර්තා කළ පරිදි බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර උසාවියට අපහාස කරමින් කොලහල කර රක්ෂිත බන්ධනාගාරගතවීම හුදෙක් එවේලෙහි ඇතිවුණ හැඟීම්බර තත්වයක් මත සිදු වූවක් නොවේ. එය තනිකරම සැලසුම් සහගත කුමන්ත්‍රණයකි. ඒ බව පසුගිය දා ඥානසාර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප අයැදි විට විනිසුරුවරයා පවා පවසා තිබේ. කෙසේ වෙතත් මේ නඩුවේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කිරීම වෙනුවෙන් කල් ඉකුත් …
Continue Reading
ඥානසාර හිමිට වසර 07 ක සිරදඬුවමක් දිය හැකියි!
පසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ඥානසාර හිමි විසින් බැණ වැදී ඇත. උසාවියට අපහාස කිරීමේ චෝදනාව නැතත්, පවතින් නඩු කටයුත්තකදී 2004 අංක 04 දරන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත …
Continue Reading
ජාතිය කෙලින් කරන උන්නාන්සේ දවසෙන් වැටෙති!
අධිකරණ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ එහිමිගේ අනුගාමිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී රෝහල්ගත වන්නැයි පැවසූ විට ලෙඩක් නැතිව රෝහල්ගත නොවන්නේමැ’යි සීහනාද කළ ඥානසාරයෝ අද සවස්වන විට මන් බිඳ ගෙන ඇති බව වාර්තා වෙයි. බොදු බල සේනාවේ මහා න්‍යායාචාර්ය ලෙස පෙනී …
Continue Reading