‘අම්මා-අප්පා’ කෞතුකාගාරය වෙනුවෙන් කෝටි ගණනක මහජන මුදල් ගෝඨාභයගේ අත්සනින්!

රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය …

Continue Reading

පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් මැතිවරණ කොමිෂන් සභාවට යයි

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාවේ ආයතන විස්සක පමණ කේවල හා බහු ආසන වෙන් කිරීමේදී දෝෂ රැසක් සිදුවී ඇති බව පොදු ජන පෙරමුණේ මැතිවරණ නිත්‍ය නියෝජිත කණ්ඩායම මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත. මෙසේ පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ මැතිවරණ නිත්‍ය නියෝජිතයන් අතර ඊයේ (27දා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැති රැස්වීමේදීය. පොදු ජන පෙරමුණේ නිත්‍ය නියෝජිත …

Continue Reading

බැසිල්ට තවත් ඇපයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතාට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‌ෂයක මුදල් හා රුපියල් ලක්‌ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (15 දා) නියෝග කළේය. එම ශරීර ඇපකරුවන් දෙදෙනා අතරින් එක්‌ අයකු පවුලේ සමීප ඥතියකු විය යුතු බවටද කොන්දේසියක්‌ පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතාගේ ඇඟිලි සලකුණු …

Continue Reading

රාජපක්ෂලා ජනතාවට ආදරේ කළ තරම පෙන්වන්න බැසිල්ගෙන් පුංචි උදාහරණයක්

පැවති රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා කුලියට ගෙන තිබූ ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ අනූහයකට (9,680,000.00) වැඩි මුදලක් ගෙවීම, මාසික විදුලි බිල මසකට ලක්ෂ විස්සක් ගෙවීම යන කරුණු මත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. කුප්‍රකට බැසිල් රාජපක්ෂ විසින් තම අතිසුඛෝපභෝගී මෝටර් රථය සඳහා එම ගොඩනැගිල්ලේ විශේෂ විදුලි සෝපානයක් …

Continue Reading

බැසිල් ඇපත් අරන් ගෙදර යයි

මාතර ප්‍රදේශ‍යේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් වී ගෙදර යෑමට සමත්ව ඇත. බැසිල් රාජපක්ෂව මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 3ක් මත මුදාහැර ඇත. බැසිල් රාජපක්ෂ …

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශයත් බැසිල් යටතට; අලුත් පුවත්පතකුත් වෙළඳපොලට (Exclusive)

ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළට අයත්ව තිබූ මාධ්‍ය අංශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ යටතට පවරාගෙන තිබේ. මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙය සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරුකරුවන් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කර සිටියේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍යවලට හඬපට ලබාදීමේ සිට විද්‍යුත්, මුද්‍රිත, වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය මෙහෙයුම් සහ සැලසුම් සියල්ල බැසිල් …

Continue Reading

බැසිල් විමල්ට සැළකීම අරඹයි; ඒකාබද්ධ විපක්ෂ වේදිකාවත් විමල්ට අහිමිවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතු වලින් විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ඉවත් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීම මුළුමනින්ම කොමිනියුස් පක්ෂයට සහ සම සමාජයට පවරා ගැනීමට වාසුදේව සහ තිස්ස විතාරණ විසින් ඉල්ලා ඇති අතර ඊට වෙනත් අයගේ සහය අනවශ්‍ය බවද ඔවුන් මහින්ද රාජපක්ෂට පවසා ඇත. එය පිළිගෙන ඇති මහින්ද එහි පුර්ණ අයිතිය …

Continue Reading

බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් ‘ඒකාබද්ධ විපක්ෂය’ පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ. මේ සඳහා මීට පෙර මෙහි මුල්‍ය අනුග්‍රහයත්වය දැක්වීමට කළු සල්ලි සුදු කිරීමේ ඡාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත් වූ අතර එහෙත් …

Continue Reading