මංකොල්ලයෙන් මත්වුණු අර්ජුන මහේන්ද්‍රන් කොමිසමේදී යකා නටයි
මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ දැඩි විරෝධය පළ කළේය. හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා පෙරේදා (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද …
Continue Reading
බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු අර්ජුන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි
මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පිහිටුවා ඇති විශේෂ රහස් පොලිස් ඒකකය හිටපු මහ බැංකු අධිපති මෙන්ම බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඊයේ (10 දා) පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කොමිසමේ විශේෂ රහස් පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් …
Continue Reading
බැඳුම්කර කොල්ලයෙන් සිදු වූ පාඩුව නැවත අයගැනීමට නීතිපති උපදෙස්!
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් රජයට කිසියම් පාඩුවක් සිදුවී ඇත්නම් එම පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි යැයි නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවා ඇති ලිපියෙහි සඳහන් වෙයි. මේ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හා කෝප් කමිටු වාර්තාවට අදාළව විමර්ශන පවත්වන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම්දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන …
Continue Reading
බැඳුම්කර සොර දෙටුවෝ තවත් කොල්ලයකට සැරසෙති
බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි සිය ගණනක රේගු බදු මුදල් කපා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ. නවීන මුද්‍රණාලයක් සඳහා මුද්‍රණ උපකරණ, අමුද්‍රව්‍ය, නවීන විද්‍යුත් මාධ්‍ය උපකරණ ඇතුළු රුපියල් කෝටි සිය ගණනක් වටිනා උපකරණ මේ …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර බෑනාගෙන් තවත් ඉතිහාස ගත වාර්තාවක්! (විශේෂ)
හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වාචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815ක් බව හෙළි වේ. මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ යුතු වන අතර එසේ ප්‍රසිද්ධ කර ඇති …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 13,000ක බැඳුම්කර වංචාව වීඩියෝ පටයකින් එළියට! (විශේෂ)
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 13,000ක් වංචා කළ ආකාරය දැක්වෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් සහ 2016 මාර්තු මස 29 …
Continue Reading
පුටුවේ හිටියේ අවුරුද්දයි! විදෙස් ගමන් 24 යි! පුරවැසියා දුක්විඳිනවා! අධිපතියා සැප විඳිනවා! (Video)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන හැඳුනුම්කමට පත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දිගු නොකොට ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් සිවිල් සංවිධාන මේ වන විට උද්ඝෝෂණය කරමින් සිටී. අද(23) කොළඹ කොටුවේදීද එවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණි. ජනපතිඳුනි මේ අහන්න! – මහ බැංකුව බේරා දෙන්න! පුටුවේ හිටියේ අවුරුද්දයි! – විදෙස් ගමන් 24 යි! පුරවැසියා දුක්විඳිනවා! – …
Continue Reading
රුපියල් කෝටි 13,000ක් වංචා කළ අර්ජුන් මහේන්ද්‍රට එරෙහිව පෙත්සමක්!
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 08 වන දා පිහිටවූ යහපාලන රජයේ, මුඛ්‍ය වටිනාකම්වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක්, 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද, වසර 14 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු කොට …
Continue Reading
තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72! (Exclusive)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට එරෙහිව නැගෙන දූෂණ වංචා සහ ඔහුට එරෙහිව නැඟෙන ජනමතය හමුවේ යහපාලනය ගොඩනගන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙයට දේශපාලන බල තුලනය තීරණාත්මක ලෙස මැදිහත් වීම ඊට එක් හේතුවක් වී ඇත. දිගින් දිගටම සිවිල් සංවිධාන ඇතුළු යහපාලනය වෙනුවෙන් කැප වූ සංවිධානත් විද්වතුන් …
Continue Reading
ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)
වත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා – Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in Law) වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තා වත්මන් රජයේ ප්‍රධානීන් දෙදෙනා ඇතුළු යහපාලන ආණ්ඩුවත්, මෙරට ආර්ථිකයත් මුළුමනින්ම විනාශ කර දමා පිටමං වීමට …
Continue Reading