මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි
මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත. සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස්දෙනාම රිමාන්ඩ්
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ සිංගප්පුරුවේ ප්‍රකාශය බොරුවක්! අර්ජුන් මහේන්ද්‍රන්ගේ රතු වරෙන්තු ඇතුලත් CIDවාර්තා දින සමඟ හෙළිකරයි
වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදුකළ බවට කියවෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු රජයට සම්බන්ධ ප්‍රකාශකයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළ මාධ්‍ය වාර්තාව මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය සියලු තොරතුරු සහ සාක්ෂි සමඟ නිකුත් කළ නිවේදනය සඳහන් වේ. එම නිවේදනය මෙසේය. සිංගප්පූරුවේ …
Continue Reading
මහ බැංකු කොල්ලයේ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුම ජනපති අත් නොහරී (වීඩියෝ)
ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමින්. එහෙත් මේ රටේ මහජනතාවගේ මුදල් මහදවල් කොල්ලකෑ මෙම …
Continue Reading
මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා …
Continue Reading
අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න රනිල්ට බැරිකමක් නැහැ; මංගල කරන්නේ විජ්ජාවක්!
අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන චෝදනාව අපි සෘජුවම රනිල් වික්‍රමසිංහ අගමැතිට එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ඔහු මේ බව …
Continue Reading
මහේන්ද්‍රන්ගේ පිහිටෙන් මහින්ද බේරෙයි
ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස 30 වැනිදා දක්වා අදාළ චෙක් පත් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැවැත්වූ පරීක්ෂණයක් එවක …
Continue Reading
මහබැංකු කොල්ලයට සම්බන්ධ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න ක්‍රමයක්!
මහබැංකු කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුව මේ වන විට රට පැන සිටින කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට ගියේ ඇතැම්විට හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මුණගැහෙන්න වෙන්නත් පුළුවන්, ඇතැම් විට සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්න වෙන්නත් පුළුවන් යැයි ‘කෝප්’ කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියෙන් පැනයන මඟක් සොයා ගෙන
තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද සිංගප්පුරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන …
Continue Reading
සිංගප්පුරුවේ සැපට ඉන්න රනිල්ගේ ගජයා අල්ලන්න තවත් රතු නිවේදනයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ විශ්වාසය සහ වගකීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 වසරේදී පත්කරන ලදුව මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20) රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අවස්‌ථා තුනකදීම …
Continue Reading