මහබැංකු කොල්ලයට සම්බන්ධ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න ක්‍රමයක්!

Spread the love

මහබැංකු කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුව මේ වන විට රට පැන සිටින කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට ගියේ ඇතැම්විට හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මුණගැහෙන්න වෙන්නත් පුළුවන්, ඇතැම් විට සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්න වෙන්නත් පුළුවන් යැයි ‘කෝප්’ කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ වනතුරු සොයා ගැනීමට නොහැකි අර්ජුන මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට මෙරට මාධ්‍යවේදීන් කණ්ඩායමක් අගමැති පසුපස ගියහොත් එය සාර්ථක වනු ඇති බවද ඔහු කීවේය. චෝදනා ලැබ සිටින උදයංග වීරතුංග මෙරටට ගෙන්වන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ අභියෝගයට මුහුණ දෙමින් ඇතැමි විට අගමැති රනිල් වික්‍රමසිංහද අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමේ අභියෝගය භාර ගත්තා වෙන්නත් පුළුවන් යැයිද හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (08දා) සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් සිංගප්පූරු ගිය අගමැතිවරයා ගැන ප්‍රශ්න කළ විටය.

RSL

Related Posts