රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද
-
RSL
-
October 28, 2011
-
Uncategorized
-
0 Comments
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ සයිමන් නවගත්තේගම නව රංග ශාලාවේදී අද (28 ඔක්.) සවස 2.00 ට පැවැත්වේ. 2010 වසරේදී ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක – ලේඛිකාවන් ඇගයීමට ලක්කර සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරේ. සාහිත්‍ය සේවයට විශිෂ්ට සේවාවන් කළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ලේඛක, ලේඛිකාවන් තිදෙනකු හට …
Continue Reading
ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පැවරීම හරයක් නැති දෙයක් – ජී. එල්. පීරිස්
-
RSL
-
October 28, 2011
-
Uncategorized
-
0 Comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පැවරීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයකු කටයුතු කිරීම හුදෙක් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ගන්නා ලද උත්සාහයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. මෙය කිසිදු හරයක් නොමැති උත්සාහයක් බවත් අදාළ නඩුව ආරම්භ කිරීමටත් ප්‍රථම අවසන් වූ බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් පැවැති කාල සීමාවේදී යුද අපරාධ සිදුවූ බවට චෝදනා …
Continue Reading
දිවි නැගුම දෙවැනි අදියර ඇරඹෙයි
-
RSL
-
October 28, 2011
-
Uncategorized
-
0 Comments
දිවි නැගුම දෙවැනි අදියර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27 ඔක්.) බියගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාවරමණ්ඩිය ප‍්‍රදේශයේ ඔබවත්ත හෙයියන්තුඩුව ග‍්‍රාමයෙන් ආරම්භ විය. මීට සමගාමීව මහ කන්නය සඳහා බීජ හා රොපන ද්‍රව්‍ය සිටුවීම හෙයියන්තුඩුව ග‍්‍රාමයෙන් පී. වසන්තා කුමුදුණි මහත්මියගේ ගෙවත්තේදී සිදු විය. වසර 2010 අයවැය යෝජනා අනුව ගෘහ ආර්ථික ඒකක දශ ලක්‍ෂයක් ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලේ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරීත්වය …
Continue Reading
අර්බුදවලට මුහුණ දීම සඳහා ආර්ථිකයන් සංවර්ධනය කිරීමට අප වග බලා ගත යුතුයි – ජනපති රාජපක්ෂ
-
RSL
-
October 28, 2011
-
Uncategorized
-
0 Comments
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව ඊයේ (27 ඔක්.) බර්ස්ට්වුඞ් හි බර්ස්ට්වුඞ් සංකීර්ණයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝලීය අභියෝග හමුවේ නොවැළැක්විය හැකි අර්බුදවලට මුහුණ දීම සඳහා අපේ ආර්ථිකයන් ප‍්‍රමාණවත් පරිදි සංවර්ධනය කිරීමට අප විසින් වග බලා ගත යුතු බවයි. ඉන්දියන් හා ශාන්තිකර සාගර කලාපයේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන වෙළෙඳපොළ යන මාතෘකාව යටතේ සිය …
Continue Reading
දරුවන් පාසල්වලට ඇතුලත් කිරීමට ලිංගික අල්ලස් පවා දෙන්න සිදු වෙලා – ප‍්‍රසන්න රණතුංග
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පළාත් සභා ගොඩනැඟිලි සංකීර්ණයේ පසුගිය දා (25 ඔක්.) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී බස්නාහිර පළාත් මහා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ වර්තමානයේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ලිංගික අල්ලස් පවා දීමට සිදුවී ඇති බවයි. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක රේණුක පෙරේරා මහතා විසින් බස්නාහිර පළාතේ පාසල්වල ප‍්‍රාථමික පන්ති සඳහා සිසුන් බඳවා ගැනීමේදී එක් පන්තියක් සඳහා උපරිම …
Continue Reading
රෝහණ විජේවීර සහෝදරයා මාක්ස්-ලෙනින්වාදී දර්ශනය පිළිබඳ න්‍යායධරයෙක් වුණා – ‘වමේ අපි’ සංවිධානය
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය දා (25 ඔක්.) ‘වමේ අපි’ සංවිධානය විසින් කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ සංවිධානයකර තිබූ ‘රෝහණ විජේවීරයන්ගේ අප රක්නා උරුමය’ සම්මන්ත‍්‍රණය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත මහතා ප්‍රකාශ කළේ දුක් විඳින ජනතාව සැබෑ කරගත යුතු සිහිනය සමාජවාදය බවයඉ. ඔහු විසින් කළ සම්පූර්ණ කතාව මෙසේය. ‘‘මේ තීරණාත්මක මොහොතේදී දුක් විඳින මිනිසුන්ට සැබෑ කර ගන්න සිහිනයක් තිබෙනවා. අපි හිතනවා …
Continue Reading
පොදු රාජ්‍ය මණ්ඩලය දෙකඩ වන ලකුණු
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රි ලංකා රජය තමන් සමග සිටින්නේ නම් තවදුරටත් රටට සහය පළ කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය අතීතයේදී ශ්‍රි ලංකාවට සහාය පළ කළ බවයි. මුලික මානව හිමිකම්වලට ගරු කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලයේ එක් පොදු වටිනාකමක් බව ද මහලේකම්වරයා පෙන්වා දී තිබේ. ඒ සඳහා සිය අඛණ්ඩ කැපවීම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් …
Continue Reading
කොටස් වෙළඳ පොළ පිළිබඳ ජනතාවට විශ්වාසයක නැහැ – පා.ම. කිරිඇල්ල
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
මෙරට ජනතාව තුළ කොටස් වෙළඳපොල පිළිබඳ පැවති විශ්වාසය බිඳවැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. ඊයේ (26 ඔක්.) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ බාහිර මැදිහත්වීම් සහ සේවක අර්ථසාධක අරමුදල් භාවිත කරමින් කරන ආයෝජන මගින් කොටස් වෙළඳපොල හසුරුවන බවයි. “කොටස් වෙළඳපොලේ රුපියල් පහේ කොටස් රුපියල් දහයේ කොටස් අර්ථ සාධක අරමුදල් යොදවන රුපියල් 100ට ගත්තාට 150ට …
Continue Reading
කොළඹ, දෙහිවල, – ගල්කිස්‌ස, කෝට්‌ටේ සහ කොළොන්නාව එක අධිකාරියක් කරනවා – ඇමති සුසිල්
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ, දෙහිවල, – ගල්කිස්‌ස, කෝට්‌ටේ යන මහ නගර සභා සහ කොළොන්නාව නගර සභාව එක්‌කර අධිකාරියක් බවට පත් කිරීමට රජය සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, මෙම මහ නගර සභා හා නගර සභා අධිකාරියක් යටතට පත්වුවද එමගින් නගරාධිපතිවරුන්ගේ හෝ නගර සභාවේ බලතල අඩුවීමක් කිසි ලෙසකින් වත් සිදු නොවන බවත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධිකාරියක් බවට පත්වීමෙන් …
Continue Reading
මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කරනවා – ආරක්‍ෂක ලේකම්
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
ලෝකයේ සිදු කෙරෙන විශාලම ජාවාරම වූ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ සහ පාතාලය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස අවධාරණය කරයි. මේ දරුණු ජාවාරම් තුරන් කිරීම සඳහා පොලිසියට අමතරව ආරක්‍ෂක අංශවල හොඳම බළඇණිවල සාමාජිකයන්ද යොදා තිබේ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රජය සුවිශේෂි සැලසුමක් මත ක්‍රියා කළේය. ඒ ආකාරයටම මත්ද්‍රව්‍ය ගිනි අවි සහ පාතාලය තුරන් …
Continue Reading