දරුවන් පාසල්වලට ඇතුලත් කිරීමට ලිංගික අල්ලස් පවා දෙන්න සිදු වෙලා – ප‍්‍රසන්න රණතුංග

Spread the love

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පළාත් සභා ගොඩනැඟිලි සංකීර්ණයේ පසුගිය දා (25 ඔක්.) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී බස්නාහිර පළාත් මහා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ වර්තමානයේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ලිංගික අල්ලස් පවා දීමට සිදුවී ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක රේණුක පෙරේරා මහතා විසින් බස්නාහිර පළාතේ පාසල්වල ප‍්‍රාථමික පන්ති සඳහා සිසුන් බඳවා ගැනීමේදී එක් පන්තියක් සඳහා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35 කට සීමා විය යුතු බවට යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් කළේය.

බස්නාහිර ඇතැම් පාසල්වල එක් පන්තියක සිසුන් 56 ක් සිටින බවට වාර්තා වී ඇති බවත් මහ ඇමතිවරයා කීය.

එසේම ඇතැම් පාසල්වල නාමලේඛනයේ නම සඳහන් නොකර පාසල් දරුවන් විද්‍යාලයේ තබාගෙන සිටින බවත් එසේ සිටි විදුහලක විදුහල්පතිවරයා විශ‍්‍රාම යාමෙන් පසු පාසලට පත්ව ආ නව විදුහල්පතිවරයා විසින් එම ළමයා ඉවත් කරගන්නා ලෙස දෙමාපියන්ට දැන්වීම සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබී ඇතැයිද රණතුංග මහතා කීය.

පසුගිය 2010 විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් කොළඹ ජනප‍්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් 12 දෙනකු වැඩ තහනමට ලක්කළ බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් එහිදී මහ ඇමතිවරයා කියා සිටියේය.

RSL

Related Posts