රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද

Spread the love

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ සයිමන් නවගත්තේගම නව රංග ශාලාවේදී අද (28 ඔක්.) සවස 2.00 ට පැවැත්වේ.

2010 වසරේදී ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක – ලේඛිකාවන් ඇගයීමට ලක්කර සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.

සාහිත්‍ය සේවයට විශිෂ්ට සේවාවන් කළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ලේඛක, ලේඛිකාවන් තිදෙනකු හට සාහිත්‍ය රත්න සම්මානය සමඟ මුදලින් රුපියල් 75000ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

2010 වසරේදී නිර්මාණය කළ සාහිත්‍ය කෘති 1001 ක මුල් පිටපත් සලකා බලා සම්මාන පිරිනැමීම සිදුකරන බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය පැවසීය.

මේ උත්සවයට සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්, නිලධාරීන් හා ලේඛක, ලේඛිකාවන් විශාල පිරිසක් සහභාගි වෙති.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කෙරේ.

RSL

Related Posts