කොළඹ, දෙහිවල, – ගල්කිස්‌ස, කෝට්‌ටේ සහ කොළොන්නාව එක අධිකාරියක්‌ කරනවා – ඇමති සුසිල්

Spread the love

කොළඹ, දෙහිවල, – ගල්කිස්‌ස, කෝට්‌ටේ යන මහ නගර සභා සහ කොළොන්නාව නගර සභාව එක්‌කර අධිකාරියක්‌ බවට පත් කිරීමට රජය සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, මෙම මහ නගර සභා හා නගර සභා අධිකාරියක්‌ යටතට පත්වුවද එමගින් නගරාධිපතිවරුන්ගේ හෝ නගර සභාවේ බලතල අඩුවීමක්‌ කිසි ලෙසකින් වත් සිදු නොවන බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධිකාරියක්‌ බවට පත්වීමෙන් පසු අදාළ නගර සභාවල කටයුතු ඒකාබද්ධ කොට පුළුල් නගර සංවර්ධනයක්‌ ඇති කළ හැකි බව හෙතෙම කියා සිටියි.

නගර සභා ආඥ පනත අනුව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ පත්වන පක්‌ෂය හෝ කණ්‌ඩායමට එහි පාලන බලය පිහිටු විය හැකි අතර අධිකාරියක්‌ බවට පත්වීමෙන් පසු එවැනි කරුණු වෙනස්‌ කිරීමක්‌ හෝ නගරාධිපතිවරයා සතු බලතල ඩැහැ ගැනීමක්‌ කිසි ලෙසකින් වත් සිදු නොවන බව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කර සිටියි.

නගර සභා කිහිපයක්‌ අධිකාරියක්‌ බවට පත් කිරීමේ සැලසුම යෝජනා වූයේ තමා මහ ඇමැතිවරයාව සිටි සමයේ බවත් ප්‍රමාද වී හෝ එය ක්‍රියාත්මක වීමෙන් රටට යහපතක්‌ මිස අයහපතක්‌ සිදු නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

RSL

Related Posts