විමල්ගෙන් ශිරන්ති ලද ගෙවල් ගැන කොමිසමට ප්‍රශ්න!

මහින්ද රාජපක්ෂ සමයේ දී නිවාස අමාත්‍යංශය විසින් මත්තේගොඩ ඉදිකිරන ලද අති සුඛෝපභෝගී නිවාස කිහිපයෙන් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබු‍ණේ එවක නිවාස ඇමති වූ විමල් වීරවංශගේ ඥාතීන් වෙත ය. තවත් එබඳු ම නිවසක් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙත ද ලබා දී තිබුණි. ඇය එම නිවසක් ඉල්ලා විමල් වීරවංශ වෙත යවන ලද ලිපිය ද පසුගිය කාලයේ මාධ්‍යවල පළ වී තිබුණි. මේ …

Continue Reading

“සාගරයක් මැද අමන රටක් ඇත!”

වසර බොහෝ ගණනකට පෙර මෙසේ ලිව්වේ සිසිර කුමාර මාණික්කආරච්චි නම් ලේඛකයා ය. අවුරුදු 2500ක ශිෂ්ටාචාරය, නිර්මල ථෙරවාද බුදු දහම, රාවණ දඬුමොනරය වැනි ගුවන් තොටිලි ගැස්සෙන වාක්‍යයක් වන මෙය ඔහු සිය සමාජ විවේචනාත්මක කෘතියක නමක් ලෙස යෙදුවේ ය. මානික්කආරච්චිගේ බෙහෝ ප්‍රකාශයන් සමඟ නොඑකඟතාවන් ඇති නමුදු මේ වාක්‍යය නම් ඇත්තට ම තවමත් වලංගු ය. පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය (දැන් නම් මේ …

Continue Reading

ඉන්දු-ලංකා ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වළපල්ලට!

ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් දක්වන ලද අදහස්වලට අනුව, පෙනෙන්නට තිබෙන්නේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුමෙන් විනාශ වී යාමට නියමිත බව ය. අතිශය සමච්චල් සහගත ස්වරයෙන් ඇමති සුජීව සේනසිංහ පවසා සිටියේ 100% …

Continue Reading

මානෙල් පිළී ගඳ ම ය!

මහනෙල් සුවඳ ම ය කුඩමසු පිළී ගඳ ම ය යනුවෙන් කවියක කියවුණත්, මේ මානෙල් නම් පිළී ගඳ ඕසෙට වගුරුවා සිංගප්පූරු රටේ හිරබත් කන්නේ ය. නිදාන කතාව මෙසේ ය. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු කලකට වරක් විවිධ රටවල සංචාර කරති. මහජන මුදලින් කෙරෙන මෙවන් සංචාර කුණු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ වැඩමුළු ආදී නම් වලින් හැඳින්වෙන නමුත් ඇත්තට ම මේවා නම් විනෝද චාරිකා …

Continue Reading

මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන – තව මොන කතා ද?

රටක් පාර්ලිමේන්තුව යනු එරටෙහි උත්තරීතර ම ආයතනය තුනෙන් එකකි. එයින් සිදු කෙරෙන්නේ නීති සම්පාදනය යි. රටේ මූලික නීතිය වන ව්‍යස්ථාව ද සම්පාදනය වන්නේ එතැනිනි. එය ගරු කටයුතු, ගාම්භීර ස්ථානයක් ලෙස පෙර කළ පැවතිණි. දේශපාලන මතිමතාන්තර කවරක් වුව ද 1977ට පමණ පෙර කාලයේ එහි සිටියෝ ප්‍රබුද්ධයෝ ය. ආචාර්ය උපාධි, විදෙස් අධ්‍යාපනය ඔවුනට තිබුණු අතර ඔවුන් සාරයක් සහිත මිනිසුන් වූහ. එසේ පොතේ …

Continue Reading

තෙල් මිල අඩු නොකර ඉන්න – ආණ්ඩුවට ලැජ්ජ නැද්ද?

යහපාලන රජය පත් වී ජනතාවට ආර්ථික වශයෙන් ගෙන ආ කිසිදු සහනයක් නැත. කිසිදු පාරිභෝජන භාණ්ඩයක මිල අඩු වූයේ නැත. ගැසට් නිවේදන නිකුත් කළාට බඩු මිල අඩුවන්නේ නැත. අඩුවට දෙන්නට හැකි දෙයක්වත් දෙන්නට මේ ආණ්ඩුවට වුවමනාවක් නැත. ඒ ගැන කතා කරන්නට ද කිසිවෙක් නැත. මේ ගැන කතා කරතැයි සිතෙන වාම දේශපාලන පක්ෂවලින් විමසූ විට ඔවුන් සිටින්නේ, “ඡන්දෙ දුන්නානම් ප්‍රතිඵල බාර ගන්න” …

Continue Reading

තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය

මාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන බව පැහැදිලිව පෙනේ. රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙයට අදාළ මැදිහත්වීම ජනපතිවරයා සහ අගමැතිවරයා ද අත්හැර ඇතැයි කිව යුතු …

Continue Reading

ප්‍රාඩෝ 200 බදු නැතිව නිදහස් කිරීම විමර්ශනය කළ රේගු අධ්‍යක්ෂ මාරු කරයි!

නියමිත මිල ගණන්වලට අඩුවෙන් සඳහන් කරමින් ආනයනය කරන ලද ප්‍රාඩෝ රථ 200ක් බදු අය කරනොගෙන එමෙන් ම නිදහස් කර යැවීම අපි මෙයට පෙර වාර්තා කළෙමු. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට පවා ව්‍යාපාරික මුදල් අමාත්‍ය රවි කරුණානායකට සිදු විය. කෙසේ වෙතත්, ඒ නිදහස් කිරීමෙන් රජයට කෝටි ගණනක පාඩු සිදු විය. මේ සිද්ධිය ගැන විමර්ශන භාරව සිටි රේගු අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා …

Continue Reading

මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්

එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා මෛත්‍රීපාල සිරිසේන වෙතින් වියෝග කරනු ඇති බවට සැකයක් නැත. මන්දයත්, මේ සංයෝගය ඔස්සේ ඉතිහාසයේ සිදු වූ පරිදිම පෙර රජය විසින් …

Continue Reading