දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කෙරේ

මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල සඳහන් කරන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා කැඳවා ඇති බවත් වාර්තා වේ. මේ වන විට කොට්ටාවේ සිට ගාල්ල දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ වැඩ අවසන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. දෙවැනි අදියර යටතේ ලබන වසරේ මාතර දක්වා එම මාර්ගය ඉදිකිරීමට …

Continue Reading

බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධ කමිටු නිර්දේශය

බාල  පෙට්‍රල් හේතුවෙන් වාහනවලට හානී වු පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් එම්.එම්. ෆර්ඩිනැන්ඩු මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ ත්‍රි පුද්ගල කමිටුව වසින් නිර්දේශ කරනු ලැබ තිබේ. එම කමිටු වාර්තාවේ දැක්වෙන්නේ, මෙම පෙට්‍රල් තොගය ගෙන්වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වු පාඩුව සැපයුම්කාර සමාගමෙන් අයකර ගත යුතු බවද එසේ නොවන පාඩුවක් ඇත්නම් ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් එය අයකර ගත …

Continue Reading

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක්

ඊයේ (30 අගෝ.) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක් ලබා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේය. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ආසන 03ක සංවර්ධන කටයුතු කඩිනම් සැලැස්මක් යටතේ අද සිට ක්‍රියාත්මක වේ. මේ යටතේ ත්‍රිකුණාමලය, සේරුවිල සහ මුතූර් මැතිවරණ කොට්ඨාස …

Continue Reading

ශ්‍රී ලංකාවට කොරියානු අධ්‍යාපන ආධාර

කොරියානු අධ්‍යාපන ආධාර (KOICA) යටතේ රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය හා කොයිකා සංවිධානය පසුගියදා අත්සන් තැබීය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 13ක පන්ති කාමර 105ක්, ක්‍රියාකාරී කාමර 13ක් සහ තනිකඩ ගුරු නිවාස 12ක් සඳහා මෙම මුදල් ප්‍රදානය කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (KOICA) නිත්‍ය නියෝජිත වෝ …

Continue Reading

විදේශ රැකියා තැරැව්කරුවන් ලියාපදිංචි කිරීම ඇරැඹේ

විදේශ රැකියා එඇජන්සි ආයතන සඳහා ශ්‍රමිකයන් යොමු කරන රැකියා තැරැව්කරුවන් (නියෝජිතයන්) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි. වයස අවුරුදු විසි එකට වැඩි තරුණයන්,විදේශ රැකියා ඒජන්සි ආයතනවලට සම්බන්ධව සිටිමින් උප නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ නම් ඒ අය සැප්තැම්බර් මස 15 වැනිදාට ප්‍රථම බත්තරමුල්ල, කොස්‌වත්ත විදේශ රැකියා කාර්යාංශය වෙත …

Continue Reading

ජනපති වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි

නීති විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට මෙරට ඉහළම තනතුර වන ජනාධිපති ධුරය දක්වා ගමන් කොට අති විශිෂ්ට ජන නායකයකු වශයෙන් අත්කර දුන් කීර්තිය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි. නීති විද්‍යාලයේ 100 වන කණ්ඩායමට අයත් ශිෂ්‍යයෙකුව සිටි ජනාධිපතිතුමා වෙත කොළඹ නීති විද්‍යාලයේ 137 වන සංවත්සරය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමීමට නීති විද්‍යාලයීය ශිෂ්‍යයින් පියවර ගෙන ඇත. නීති …

Continue Reading

මැදපෙරදිග දේශපාලනික අර්බුදය හේතුවෙන් මෙරට තේ අපනයනයට සිදුව ඇති අහිතකර බලපෑම

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි අහිතර බලපෑමක්‌ එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මුළු තේ අපනයනයෙන් සියයට 50 ක්‌ පමණ අපනයනය කරන්නේ මැදපෙරදිග කලාපයට වන අතර මින් ඉරානය, ඉරාකය, සිරියාව සහ ලිබියාව වැනි රටවල උත්සන්න වූ දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් මේ අහිතකර තත්ත්වය උද්ගත වී ඇතැයි පෙන්වා දෙන තේ අපනයනකරුවන් …

Continue Reading

කයිට්ස් දූපතෙන් තවත් ශරීර ඇටසැකිළි හමුවේ

මිනිස්‌ ඇටසැකිළි 8 ක්‌ හමුවූ කයිට්‌ස්‌ සමූහ මිනීවළ අසලින් තවත් මිනිස්‌ ඇටසැකිළි කොටස්‌ කීපයක්‌ පසුගිය සෙනසුරාදා (27 අගෝ.) හමුවී තිබේ. කයිට්‌ස්‌ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී මෙම දිරාගිය ශරීර  කොටස්‌ හමුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කයිට්‌ස්‌ පොලිසිය කළ දැනුම් දීමකට අනුව කයිට්‌ස්‌ දිසා විනිසුරු ජෝයි මහාදේවා මහතා පැමිණ යාපනය ශික්‌ෂණ රෝහලේ වැඩබලන අධිකරණ …

Continue Reading

ජෙනරාල් ෆොන්සේකා මහතා තම මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දක්වයි

බන්ධනාගාර ගතව සිටින  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතා  ඔහුගේ සහෝදරයෙකුගේ මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28 අගෝ.) අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය. කැළණිය – වෙදමුල්ලේ පිහිටි එම නිවස වෙත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහිතව සරත් ෆොන්සේකා අද පස්වරු 3.50 ට පමණ ඊට සහභාගී වුයේ විශේෂ අවසරයක් මත බව  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සඳහන් කරයි. …

Continue Reading

මහාචාර්ය ජී.එල්. පීරිස් රටවල් කිහිපයක සංචාරයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට සහාය ලබාගැනීමේ අරමුණින් විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් ඊයේ (28 අගෝ.) රටවල් කිහිපයක සංචාරයක් සඳහා පිටත්ව ගියේය. එම දෙසතියක සංචාරයේදී ඇමතිවරයා සිංගප්පූරුව, ජෝර්දානය, දකුණු කොරියාව සහ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නිලධාරීන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට එජා මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට බලපෑම් …

Continue Reading