ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක්

Spread the love

ඊයේ (30 අගෝ.) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක් ලබා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේය.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ආසන 03ක සංවර්ධන කටයුතු කඩිනම් සැලැස්මක් යටතේ අද සිට ක්‍රියාත්මක වේ. මේ යටතේ ත්‍රිකුණාමලය, සේරුවිල සහ මුතූර් මැතිවරණ කොට්ඨාස සඳහා රුපියල් ලක්ෂ 27,400ක් වෙන් කර තිබේ.

දිවි නැගුම සඳහා රුපියල් මිලියන 72 ක් ද, සමෘද්ධි වැඩසටහන සඳහා රුපියල් මිලියන 89 ක් ද ගම නැගුම සඳහා රුපියල් මිලියන 275ක් ද වෙන් කොට ඇත.

ප්‍රජා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 104.7 ක් ද, යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 140 ක් ද, දිළිඳුකම අවම කිරීමට රුපියල් මිලියන 12.1 ක් ද, වියළි ආහාර සැපයීම සඳහා මිලියන 176.9 ක් ද, ප්‍රාදේශීය හා නගර සභා සංවර්ධනයට මිලියන 100.6 ක් ද, පුනරුත්ථාපන වැඩකටයුතු සඳහා මිලියන 100 ක් ද, නැගෙනහිර නවෝදයට මිලියන 103 ක් ද, වී ගබඩා අලුත්වැඩියාවට මිලියන 10.6 ක් ද වෙන් කොට ඇත.

RSL

Related Posts