බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධ කමිටු නිර්දේශය

Spread the love

බාල  පෙට්‍රල් හේතුවෙන් වාහනවලට හානී වු පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් එම්.එම්. ෆර්ඩිනැන්ඩු මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ ත්‍රි පුද්ගල කමිටුව වසින් නිර්දේශ කරනු ලැබ තිබේ.

එම කමිටු වාර්තාවේ දැක්වෙන්නේ, මෙම පෙට්‍රල් තොගය ගෙන්වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වු පාඩුව සැපයුම්කාර සමාගමෙන් අයකර ගත යුතු බවද එසේ නොවන පාඩුවක් ඇත්නම් ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් එය අයකර ගත යුතු බව ද කමිටුව නිර්දේශ කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවට පසුගිය ජුනි මාසයේ ආනයනය කල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000ක ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටලු ඇති විය.

රථවාහන හිමියන් රැසක් ඉන් පීඩාවට පත් වු අතර ඇතැම් වාහන අලුත්වැඩියා කිරීමටද සිදු වුයේ, එම පෙට්‍රල් නිසි ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙනි.

 

[youtube dCy_kh7OuJU]

RSL

Related Posts