කයිට්ස් දූපතෙන් තවත් ශරීර ඇටසැකිළි හමුවේ

Spread the love

මිනිස්‌ ඇටසැකිළි 8 ක්‌ හමුවූ කයිට්‌ස්‌ සමූහ මිනීවළ අසලින් තවත් මිනිස්‌ ඇටසැකිළි කොටස්‌ කීපයක්‌ පසුගිය සෙනසුරාදා (27 අගෝ.) හමුවී තිබේ.

කයිට්‌ස්‌ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී මෙම දිරාගිය ශරීර  කොටස්‌ හමුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කයිට්‌ස්‌ පොලිසිය කළ දැනුම් දීමකට අනුව කයිට්‌ස්‌ දිසා විනිසුරු ජෝයි මහාදේවා මහතා පැමිණ යාපනය ශික්‌ෂණ රෝහලේ වැඩබලන අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් මහතාට මිනිස්‌ ඇටසැකිළි සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන මෙන් නියෝග කර තිබේ.

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා මෙම මිනිස්‌ ඇටසැකිළි රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කර ඇති අතර පොලිසිය කළ පරීක්‍ෂණවලදී මෙම ස්‌ථානයට නුදුරින් පිහිටි වැසිකිළි වළක පස්‌ මත තවත් මිනිස්‌ ඇටකැබැලි තිබී හමුවී ඇත.

RSL

Related Posts