ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව අවකාශයක් ලබා දී නැහැ – තමාරා කුනනායකම්
-
RSL
-
September 17, 2011
-
Uncategorized
-
තමාරා කුනනායකම්
-
0 Comments
සැප්තැම්බර් 12 වන දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වන සැසියේ 02 අයිතමය යටතේ පැවති පොදු විවාදයට සහභාගී වෙමින් එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පැවසුවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ පක්ෂපාතිත්වය නැවත වරක් ප්‍රදර්ශනය කර ඇති බව හෙළි කළාය. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම්ගේ සම්පූර්ණ ප්‍රකාශය. සභාපතිතුමියනි, ඇතැමුන්ට කොතරම් …
Continue Reading
එජාපයට දිනන්න තිබෙන එකම බාධාව ජනාධිපතිතුමා ජනතාවට කන්න දීමද – ලක්ෂ්මන් යාපා
පසුගිය දා පැවතී ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමතමින් ‘මහින්ද රාජපක්ෂ පවුල ඉතිහාසයේ පටන්ම ජනතාවට හොඳට කන්න දුන් පවුලක්. අගමැතිවරුන්ට හා රාජ්‍ය නායකයන්ට පමණක් සීමා වී තිබූ අරලියගහ මන්දිරය පොදු ජනතාවට විවෘත කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා’ යැයි පැවසීය. විවිධ වෘත්තිකයන්, පූජකවරුන්, රජයේ නිලධාරීන්, …
Continue Reading
බාල පෙට‍්‍රල් ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ නිළධාරියකු අනිවාර්ය නිවාඩු යැවේ
-
RSL
-
September 17, 2011
-
Uncategorized
-
0 Comments
මෙරටට බාල පෙට‍්‍රල් ගෙන්වීමේ සිද්ධියට අදාළව සිදුකල ත්‍රීපුද්ගල කමිටු පරීක්ෂණයකින් චෝදනා එල්ල වී ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය වාණිජ කලමණාකාර උදය දොළොස්වල මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ. සියලු වැටුප්, දීමනා සහිතව විනය පරීක්ෂණයකට යටත්ව මෙම නිලධාරියා නිවාඩු යැවීමට පසුගියදා රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. අනිවාර්ය නිවාඩු යවා ඇති කළමණාකාරවරයා සම්බන්ධයෙන් සංස්ථාව විසින් විනය පරීක්‍ෂණයක්ද ආරම්භ …
Continue Reading
ප්‍රවීණ ගත්කරු කේ. ජයතිලක මහතාගේ අවසන් කටයුතු හෙට
-
RSL
-
September 17, 2011
-
Uncategorized
-
කේ. ජයතිලක
-
0 Comments
අභවප්‍රාප්ත ප්‍රවීණ ගත්කතුවරයකු, විචාරකයකු මෙන් ම චින්තකයකු වූ කේ. ජයතිලක (85) මහතාගේ අවසන කටයුතු හෙට (18 සැප්.) සවස 02.00 ට ඒ මහතාගේ ගම්පහ කිරිඳිවල කන්නිමහර නිවසේ පවුලේ සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. ගම්පහ කන්නිමහරදී 1926 ජූනි මස 27 වැනිදා උපත ලැබූ ඔහු සිය පළමු නිර්මාණය ලෙස වියෝදසුන නම් කාව්‍ය සංග්‍රහය 1943 දී පළ කළේය. රාජ්‍ය …
Continue Reading
පරිසර ඇමති සිංහරාජ රක්ෂිතය සම්බන්ධ ගටළුවට වහා මැදිහත් වේ
-
RSL
-
September 16, 2011
-
Uncategorized
-
0 Comments
සිංහරාජ වනාන්තරය හරහා ඉදි කෙරමින් පවතින මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු වහාම නවතා දමා අදාළ ප‍්‍රදේශය වනජීවි දෙපාර්තමේන්තුවේ භාරයට පත් කරන්නැයි පරිසර ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා ජිනීවාහි සිට නියෝග කර ඇත. ඇමතිවරයා මේ වන විට ජිනීවාහි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියට සහභාගීව සිටියි. ඉඹුල්කන්ද සිට සූරියකන්ද දක්වා සිංහරාජය හරහා ඉදි කෙරෙන මෙම මාර්ගය නිසා වනාන්තරයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුවන …
Continue Reading
ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක්
-
RSL
-
September 16, 2011
-
Uncategorized
-
0 Comments
පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවන බව වාර්තා වේ. සමීක්ෂණයකදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය වේ. තවද වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න …
Continue Reading
13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ සටනට මෛතී‍්‍රපාල සිරිසේන පෙරමුණ ගනී
පසුගිය දා වාර්තා වූයේ පශ්චාත් යුද සමය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන මෙන් බ්ලේක් මහතා සිය ශ‍්‍රී ලංකා සංචාරය තුළදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. මේ අනුව 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ සටනට මුල් වී කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. බලය බෙදීම …
Continue Reading
කොළඹ මහ නගර සභාවේ ගෞරවය බිඳ වැටී තිබෙන්නේ රජය නිසයි – තිස්ස අත්තනායක
ඊයේ (15 සැප්.) කොළඹ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මිලින්ද මොරගොඩ කියන ආකාරයට කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී වී තිබෙන්නේ නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්‍ෂ පාලනය විනා එක්සත් ජාතික පක්‍ෂය නොවන බවයි. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී ඇති බව කියමින් ඒ නගර …
Continue Reading
ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂ හිඟය උග්‍ර වේ
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව සෘණ අගයක් පවතින ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂ හිඟය වසර 2009 හා 2010 යන කාල පරාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3122 සිට 5205 දක්‌වා වැඩි වී ඇත. මේ කාල සීමාව තුළ ආහාර ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් 1246 සිට 1641 දක්‌වා වර්ධනය වී ඇති අතර වෙනත් පාරිභෝගික භාණ්‌ඩ ආනයනය කිරීම සඳහා වැය …
Continue Reading
වාරි ඉංජිනේරු විද්‍යා උපාධි පාඨ්මාලාවක් සැකසේ
වාරි ඉංජිනේරුවන් බිහි කිරීම සඳහා වෙනම විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කර එමගින් වසරකට වාරි ඉංජිනේරුවන් සියය බැගින් බිහි කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් අරඹා ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය එක්ව මෙම වඩ පිළිවෙල සකස් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය. ඊට අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම මේ වන …
Continue Reading