දූෂිත වැඩකරන්න ගිහින් නිල ඇඳුමට අගෞරව කරගන්න එපා‍ – ජෙනරාල් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆෝනසේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ඊයේ දිනයේදී (19 සැප්.) විභාගයට ගැනීමට නියමිත්ව තිබුණත් විනිසුරු මඩුල්ලේ සාමාජික ඩබ්.එල්. රංජිත් සිල්වාට නොවැළැක්විය හැකි හේතුවක් මත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එය ඔක්තෝම්බර් 17 වෙනිදා දක්වා කල් දැමිණ. මේ අතර සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවදියේ ඔහු නිදහස් කරන්නැයි, ඉල්ලා ගොනු කළ හෙබායස් කෝපුස් පෙත්සම ද ඊයේ …

Continue Reading

හදිසි නීතිය ඉවත් කිරීම දරුස්මාන් වාර්තාවේ ප්‍රතිඵලයක් – දයාසිරි

ඊයේ (19 සැප්.) කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ හදිසි නීතිය ඉවත් කිරීම දරුස්මාන් වාර්තාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් බවයි. හෙතෙම තවදුරටත් මෙසේ පැවසීය. “දැන් දරුස්මාන් වාර්තාව එපා කියලා කෑ ගහපු කට්ටියට දැන් දරුස්මාන් වාර්තාව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා‍ තියෙනවා. හදිසි නීතිය අයින් කරන්නේ, පාර්ලිමේන්තුවේ, මේ …

Continue Reading

අද මට තියෙන්නේ මගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න විතරයි – ජනපති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහනගර සභා අපේක්ෂක අසාද් සාලි ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ් කර සිටියේ සියල්ලන් එක්කරගනිමින් රට ගොඩනැගීම තම අවශ්‍යතාව බවත් ඒ හේතුවෙන් සියලු පක්ෂවල සාමාජිකයින් තම කැබිනට් මණ්ඩලයට ද ඇතුලත්ව සිටින බවත්ය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “සිංහල ජනතාවට, මුස්ලිම් ජනතාවට නැගෙනහිර, මාවිල්ආරු වහාලා, ඔවුන්ගේ කුඹුරු …

Continue Reading

32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව ඇරඹේ

32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව Commonwealth Association of Tax Administrators (CATA) ඊයේ (18 සැප්.) කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ විය. මෙය ලොව විශාලතම බදු පරිපාලකයන්ගේ සංගමය වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 48කින් එහි සාමාජිකත්වය සමන්විතය. මෙසේ ආරම්භ වන සමුළුවට එම රටවල් නියෝජනය කරමින් බදු පරිපාලක සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර බදු පරිපාලකයන් අතර …

Continue Reading

ජාතීන් අතර සුහඳතාව ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියාකරනවා – අගමැති

දිවයිනට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුරලි මනෝහර් ජෝෂි ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවස ඇත්තේ ජාතීන් අතර සුහඳතාව ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියාකර ඇත යන්නයි. මෙහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජාතික අර්බුදය සඳහා විසඳුම් ළඟා කර ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව …

Continue Reading

විලියම් හේග් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

මානව හිමිකම් උල්ලංඝණ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප‍්‍රගතියක් මේ වසර අවසන් වීමට පෙර පෙන්වන්නැයි බි‍්‍රතාන්‍යය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලයි. එසේ නොමැති නම්, ලෝක ප‍්‍රජාව ඉල්ලා සිටින ආකාරයේ ජාත්‍යන්තර විමර්ශණයක් සඳහා බි‍්‍රතාන්‍යයේ සහාය ලබාදෙන බව එරට විදේශ ලේකම් විලියම් හේග් අනතුරු අඟවා සිටී. බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කමිටුවට ඔහු ඒ පවසා ඇත්තේ, විදේශ කාර්යාලයේ කි‍්‍රයාපටිපාටිය විවේචනය කරමින් ඉදිරිපත්ව තිබූ වාර්තාවකට පිළිතුරු …

Continue Reading

යුද හමුදාපති හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පවසන පරිදි, හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක නිරත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු පිළිබද කාර්යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී පැවති බව සඳහන්. ශ්‍රි ලාංකික සාම සාධක භටයින්ගේ වත්මන් කටයුතු පිළිබඳව හා ඉදිරි වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා තිබේ. මෙම සංචාරයෙන් අනතුරුව යුද …

Continue Reading

ජනපති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගත් දරුවන් හමුවෙයි

ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කරන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලැබු දරුවන් තිදෙනා පසුගිය දා (16 සැප්.) අරලියගහ මන්දිරට කැඳවා තිබිණ. ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා ත්‍යාග සහ තිළිණද ප‍්‍රදානය කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ පාසල්වල අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව සඳහන් වේ. කළුතර බාලිකා විද්‍යාලයේ ඕෂධී ෆොන්සේකා, කළුතර දොඩංගොඩ මිරිස්වත්ත ජාතික …

Continue Reading

මේ රට දූගී දුප්පත් හිඟන රටක් වේවි – ජෙනරාල් සරත් ‍‍‍ෆොන්සේකා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ‍‍‍ෆොන්සේකා මහතා පසුගිය දා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි. ‍මෙහිදී අනෝමා ෆොන්සේකා මහත්හමිය පැවසුවේ පෙනහළු පරීක්ෂා කිරීම සඳහා ෆොන්සේකා මහතා මසකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවයි. මෙහිදී සරත් ‍ෆොන්සේකා මහතා මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය. “බාල තෙල් බාල සිමෙන්ති මේවා ගෙන්නලා නැති කරන්නේ, ජනතාවගේ සුභසාධනය දියුණු කරන්න තියෙන සල්ලි මේවා පිටිපස්සේ …

Continue Reading

රට ඒකාධිපතිවාදයක් වෙත ගමන් කරමින් සිටිනවා – කරූ ජයසූරිය

පසුගිය දා මීගමුවේදී පැවති උත්සවයක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැවසුවේ, බවයි. “අද රට යන විදිහට මේ රටේ අනාගතය කොයි පැත්තකට යයි ද කියලා අපිට හිතන්න අමාරුයි. තමුන්නාන්සෙලාගෙන් පස්සේ තමුන්නාන්සේලාගේ දරුවන්ට ඊ ළග පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි. යුද්ධයක් අවසන් වු රටක මේ තරම් හමුදා කඳවුරු අරින්න අවශ්‍යතාවයක් නැහැ. උතුරෙත් නැගෙනහිරත් පොලීසිය …

Continue Reading