එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ එක්සේසත්ව ජීවත් වියයුතුයි -මනෝ

කොළඹ මහ නගර සභා මැතිවරණයට තරඟවදින ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ අපේක්ෂකයින්ට සහය පළ කිරිමේ අරමුණින් වැල්ලවත්තේදී පැවති රැස්වීමකදී එම පක්ෂයේ කොළඹ පුරපති ධුර අපේක්ෂක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේ, එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාව වන අපි සිංහල ජනතාව සමඟ එක්සේසත්ව ජීවත් විය යුතුයි. නමුත් එක්සේසත්ව ජීවත් විය යුතුයි. නමුත් එක්සේසත්ව ජීවත්වෙනවා කියන්නේ අයිතිවාසිකම් හැරදමා අත්බැඳගෙන කටවහගෙන හිස නමාගෙන ජීවත් වීම නෙවෙයි. …

Continue Reading

දකුණු කොරියාවෙන් තවත් රැකියා රැසක්

මෙරට ශ‍්‍රමිකයන් සඳහා දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමේ අරමුණින් හා එරට රැකියාවල නියුතු ශ‍්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමේ අරමුණින්  විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගියදා දකුණු කොරියානු සංචාරයක  එරට සංචාරයක නිරත වී ඇති අතර එහිදී ලෝකයේ ප‍්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වන හයිඋන්ඩායි (Hyundai) කර්මාන්තායතනයට ඉදිරියේදී ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් වැඩි වශයෙන් බඳවා ගැනීමට එහි පාලනාධිකාරිය …

Continue Reading

මේ මොන කැලෑ දේශපාලනයක්ද? – අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්

මේ රටේ කැලෑ නීතියක් ක්‍රියාත්මක වන්නේ දැයි සමහරුන් තමන්ගෙන් විමසන බවත්, එවැනි අවස්ථාවලදී අධිකරණ ඇමතිවරයා ලෙස තමාට බලවත් ලැජ්ජාවක් හිතෙන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. ඊයේ පරණ යෝන් වීදියේදි පැවති ජනහමුවක් අමතමින් හෙතෙම එබව සදහන් කළේය. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මෙසේ ද පැවසීය. “මටම ලැජ්ජා හිතෙනවා මේ රටේ මොන …

Continue Reading

එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය නිව් යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඇරඹිණ. රටවල් 193ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මහා මණ්ඩල සැසිවාරය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගී වීමට නියමිත අතර, මෙම මස 23 දා ජනාධිපතිතුමා මහ සමුළුව ඇමතීමට නියමිත ය. ගැටුම් විසඳීමට මැදිහත් විය යුතු ආකාරය, වත්මන් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේ දී එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාපටිපාටිය …

Continue Reading

අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අභාවප්‍රාප්ත වේ

1933 වසරේ ජුනි 13 වැනිදා රත්නපුර ලෙල්ලෝපිටිය ග්‍රාමයේ උපත ලද ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සුවිශේෂී චරිතාංග නළුවකු වූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අද (21) සවස අභාවප‍්‍රාප්ත විය. රත්නපුර සීවලි මධ්‍ය මහා විදුහලින් අධ්‍යාපනය ලද ඔහු 1940 දී සිරිසේන විමලවීර සූරීන්ගේ නවජීවන චිත්‍රාගාරයේ සේවයට එක්විය. 1957 දී සරදම චිත‍්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි අතර මුල් යුගයේ ඔහු ප්‍රකට වූයේ විකට නළුවෙකු ලෙසිනි. ජෝ …

Continue Reading

පාතාලයෙන් බලපෑම් එල්ලවන්නේ නම් වහාම තමා වෙත දැනුම් දෙන්න – ආරක්ෂක ලේකම්

පාතාලයෙන් සහ කප්පම්කරුවන්ගෙන් බලපෑම් එල්ලවන්නේ නම් සම්බන්ධ තොරතුරු වහාම තමා වෙත ලබාදෙන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබේ. කොළඹ කොටුව වෙළෙඳ ප්‍රජාව, ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පෙරේදා (19) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී ඔවුනට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කල අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා එසේ පවසා තිබේ. එහිදී නිදහසේ තම ව්‍යාපාර කිරීමට රජය අවකාශ සලසාදීම සම්බන්ධයෙන් කොළඹ ව්‍යාපාරිකයෝ ආරක්ෂක ලේකම්වරයාට …

Continue Reading

අපේ අරමුණ දූෂිත දේශපාලනයට තිත තියන්න – ජෙනරල්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුධ අධිකරණයේ සහ මහාධිකරණයේ එක සමාන නඩු දෙකක් පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය කඩ කර ඇති බව නීතිඥ සාලිය පිරිස් මහතා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශය කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ හයිකෝප් නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීය. යුධ අධිකරණයක් හමුවේ යුධ හමුදා පනත අනුවත්, මහාධිකරණය හමුවේ අපරාධ …

Continue Reading

ජනපති ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් හමුවෙයි

නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ක්ලින්ටන් ගෝලීය ප්‍රවේශ සැසියේදී ඇමරිකානු හිටපු ජනපති බිල් ක්ලින්ටන් හමුවිය. ඇමෙරිකාවේ හිටපු ජානාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් මහතා විසින් ගෝලීය ගැටලු සාකච්ඡා කර ඊට විසදුම් ලබා දීමේ ඒකාබද්ධ සංසදයක් ලෙස මෙම සැසිය පිහිටවා ඇති බවයි. 66 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ රාත්‍රි නිව්යෝර්ක් නුවරට ළඟා විය.

Continue Reading

ඕස්ට්‍රේලියානු හරිත පක්ෂය ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට සැරසේ

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන්නයි ඕස්ට්‍රේලියාවේ හරිත (Green) පක්ෂය ඉල්ලා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව එම පක්ෂයේ මතය වී ඇත. අද දින මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ඇරඹීමට තීරණය කර ඇතැයි එම පක්ෂය වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයින් …

Continue Reading

අතිගරු ජනාධිපතිතුමා ලෝකයත් එක්ක අභීතව ක්‍රියාකරනවා – අගමැති

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් අද (20 සැප්.) පෙරවරුවේ කොළඹදී පැවැත්විය. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණානුස්මරණ කරනු ලබන අද දිනයේ පැවති උත්සවයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ 5දෙනෙක් කොඩියක් ගෙනාවා. ඔවුන් මැරුවා කියලා කිව්වා. ඉතින් මැරුවා කියන එක කියන්න හොද නෑ මේ මාධ්‍ය මහත්වරුන් ඉන්දෙද්දී කියන්න හොද නැහැ. …

Continue Reading