මේ මොන කැලෑ දේශපාලනයක්ද? – අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්

Spread the love

මේ රටේ කැලෑ නීතියක් ක්‍රියාත්මක වන්නේ දැයි සමහරුන් තමන්ගෙන් විමසන බවත්, එවැනි අවස්ථාවලදී අධිකරණ ඇමතිවරයා ලෙස තමාට බලවත් ලැජ්ජාවක් හිතෙන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. ඊයේ පරණ යෝන් වීදියේදි පැවති ජනහමුවක් අමතමින් හෙතෙම එබව සදහන් කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මෙසේ ද පැවසීය.
“මටම ලැජ්ජා හිතෙනවා මේ රටේ මොන නීතියද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අධිකරණ ඇමතිවරයාවන මගෙන් ජනතාව අහයි දැන් මොනවද කියන්නේ? එක්කෙනෙක් කියලා තියෙනවා හරක් මැරුවොත් අත කපනවා කියලා. මේ මොන කැලෑ දේශපාලනයක්ද? මේ රටේ මෙවැනි සිදුවීම් පිළිබඳ කතා කිරිමට නම් කොන්ද පණ තියෙන දේශපාලන බලව්ගයක් අවශ්‍යයි. රජය ඇතුලේ ඉන්නකොට මෙවැනි සිදුවීම් වෙනවා නම් මේ ගැන ප්‍රශ්න කිරිමට අයිතියක් තිබිය යුතුයි. එසේ නැත්නම් ජනතාව හිතයි රටේඅධිකරණ අමාත්‍යවරයා කියන තනතුරට මොනවගේ බලයක් ද තියෙන්නේ කියලා”
මර්වින් සිල්වා මහතාගේ ක්‍රියාකලාපය පිලිබදව බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයෙකු වන අලෙවි මවුලානා මහතා ද දැඩිලෙස විවේචනය කර ඇත.

RSL

Related Posts