දූෂිත වැඩකරන්න ගිහින් නිල ඇඳුමට අගෞරව කරගන්න එපා‍ – ජෙනරාල් ෆොන්සේකා

Spread the love

හිටපු හමුදාපති සරත් ෆෝනසේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ඊයේ දිනයේදී (19 සැප්.) විභාගයට ගැනීමට නියමිත්ව තිබුණත් විනිසුරු මඩුල්ලේ සාමාජික ඩබ්.එල්. රංජිත් සිල්වාට නොවැළැක්විය හැකි හේතුවක් මත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එය ඔක්තෝම්බර් 17 වෙනිදා දක්වා කල් දැමිණ.
මේ අතර සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවදියේ ඔහු නිදහස් කරන්නැයි, ඉල්ලා ගොනු කළ හෙබායස් කෝපුස් පෙත්සම ද ඊයේ විභාගයට ගැනීමට නියමිතව තිබුනත් එයද ඔක්තෝම්බර් 17 වෙනිදා දක්වා කල් දැමීමට සිදුවිය.
ජනතාව ඇමතු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
“දූෂිත ආණ්ඩුව දූෂිත ජෙනරාල්ලා කිහිප දෙනෙකුයි, අල්ලා ගෙන ජනතාව මර්දනය කරනවා. යුද්ධය දිනපු රණවිරුවන්ගෙයි පොලීසියෙයි රාජකාරිය ජනතාවයි රටයි, ආරක්ෂා කරන එක නිල ඇදුමේ ගෞරවය කෙලසා‍ ගන්න එපා. දේශපාලනඥයොත් එක්ක එකතුවෙලා දූෂිත වැඩකරන්න ගිහින් නිල ඇදුමට අගෞරව කරගන්න එපා‍ ජය වේවා”

RSL

Related Posts