රාම් නාත් කෝවින්ද් ඉන්දීය ජනාධිපතිධූරයට

රාම්නාත් කෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි. විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර් ය. ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ. රාම්නාත් කෝවින් ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි.

Continue Reading

තම නායකයා මියගිය බව ISIS සංවිධානය පිළිගනී

වසර ගණනාවක්‌ තිස්‌සේ මුළු ලොව භීතියට පත් කළ අයිසිස්‌ ත්‍රස්‌ත නායක අබු බකර් බැග්ඩැඩි මියගිය බව අයිසිස්‌ සංවිධානය මුල්වරට පිළිගෙන ඇත. තම නායකයා ලෙස අබු නයිනම් ඔඩාවි පත්වී තිබේ. නව නායකයාගේ පත්වීමත් සමඟ බැග්ඩැඩි ට පක්‍ෂ අයිසිස්‌ කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිවී ඇත. සිරියානු මානව හිමිකම් සංවිධානයද ඊයේ (13 වැනිදා) පැවසුවේ බැග්ඩැඩි මියගොස්‌ ඇති බවයි.

Continue Reading

ලෝක බලවතා කටාර් රාජ්‍යය සමඟ ගිවිසුමකට එළඹෙයි

ත්‍රස්තවාදයට මූල්‍යාධාර ලබා දීම මැඩලීමේ උත්සාහයක් වශයෙන් එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍ය සම්මුතියකට පැමිණ තිබේ. කටාර්හි නිල සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමකට ඩෝහා අගනුවරදී අත්සන් තැබීය. දෙරට අතර එවැනි ගිවිසුමකට අත්සන් තැබුණේ කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර රාජ්‍යය තාන්ත්‍රික අර්බුදයක් වර්ධනය වෙමින් පවතින අතරතුරදීය. මැදපෙරදිග කලාපයේ ජිහාඩ් කණ්ඩායම්වලට සහ …

Continue Reading

බෑන්ක් ඔෆ් චයිනා දකුණු ආසියානු පළමු ශාඛාව කොළඹදී

බෑන්ක් ඔෆ් චයිනා (Bank of China) මේ වසරේ ශ්‍රී ලංකාවේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටි. චීන රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන් චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව මෙය වනු ඇත. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරින් අතර පවතින් සාකච්චා මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ. දොලර් මිලියන 90 ක මූල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන …

Continue Reading

මැන්චෙස්ටර්හී පිපුරුමකින් 19ක් මරුට, 50කට තුවාලයි

එංගලන්තයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි. මෙම පිපිරීම සිදුව ඇත්තේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී ය.

Continue Reading

රටවල් ගණනාවකට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්! ශ්‍රී ලංකාවටත් රතු එළියක්!

ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඇමෙරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුළු වැටී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය …

Continue Reading

ප්‍රංශයෙන් විප්ලවීය වාර්තාවක්!

මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි. ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි – පෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 33.94%කි. මේ අනුව 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රොන් එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ජනපති පුටුවට හිමිකම් කියනු ඇති. තව ද 1958 වසරේ ජනරජය බිහිවීමෙන් පසු බලයට …

Continue Reading

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා සමුගනියි

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා දිනයේදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසුවිය. ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු හා ගීත රචකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියක් පත්ව සිටියේය.

Continue Reading

බුර්කා තහනම යළිත්

අධිකරණ පරිශ්‍ර, පාසල් සහ පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම තහනම් කිරීමට ඕස්ට්‍රියාවේ පාලක සන්ධානය තීරණය කොට තිබේ. ‘සෝෂල් ඩිමොක්‍රටික්’ පක්ෂය සහ ‘කොන්සර්වේටිව් පීපල්ස්’ පක්ෂය අතර සතියක කාලයක් පුරා පැවති පාර්ලිමේන්තු විවාදයේ ප්‍රතිපලයක් ලෙස ඕස්ට්‍රියාව මෙම එකඟතාවට පැමිණ ඇත. පසුගිය කාලය තුළ යුරෝපා රටවල් කිහිපයක්ම පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම සහ …

Continue Reading

ට්‍රම්ප්ගෙන් තවත් කැපිල්ලක්

ඇමෙරිකානු ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් බලපා ඇති රෙගුලාසි කිහිපයක් කපාහරිමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නව නියෝගයක් නිකුත් කර තිබේ. ඕවල් කාර්යාලයේදී අදාළ රෙගුලාසී කපා හැරීමේ ප‍්‍රකාශයට ඊයේ (30) ඔහු අත්සන් තැබු බව වාර්තා වෙයි. ට‍්‍රම්ප්ගේ මෙම ක‍්‍රියාමාර්ගය කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් ගෙන ඇති වැදගත්ම තීරණයක් වනු ඇති බවට වාර්තාවේ. මේ අතර සරණාගතයින් සම්බන්ධයෙන් ට‍්‍රම්ප් නිකුත් කළ නියෝගය තවදුරටත් අභියෝගයට ලක්ව තිබේ.

Continue Reading