රන්ජන් පිරිමි ගණිකාවක් ද?
රන්ජන් රාමානායක බොහෝ වැර වෑයමෙන් රංගනයට පිවිසි අයෙකි. මෙරට සිනමාව තුංග යෝධයෙක් සේ ම සිංහල සිනමාවේ සදාකාලික සිහින කුමරා ද වූ විජය කුමාරතුංගගේ සෙවනින්, උදවුවෙන්, දුර නෑකමෙන් සිනමාව වෙත එක් වූ රන්ජන් රාමනායකට කිසිදා සිනමාවේ දී විජය කුමාරතුංග කෙනෙක් වන්නට නොහැකි විය. තමිල්නාඩු සිනමාපටයකට සමාන වන්ෂොට් නම් සිනමාපටයක් නිර්මාණය කළ රන්ජන් එහි එන චරිතයට ගිලී ගොස් ඒ ඔස්සේ දේශපාලනයට ආවේ …
Continue Reading
ජාතික සේවක සංගමයට සාධාරණයක් නැති ලු!
ජාතික සේවක සංගමය යනු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පෙරමුණ යි. වසර 15ක පමණ ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ සන්ධානය විසින් පාලනය කරන ලද රජයන් පැවති බැවින් එකී සේවක සංගමයට බොහෝ අසාධාරණකම් වුණු බව ඔවුහු පවසති. රාජපක්ෂ රජය වෙත සහය නොදැක්වීමේ හේතුවෙන් මේ සේවක සංගමයේ සාමාජිකයන්ට තම ආයතනයේ උසස්වීම් ආදිය කප්පාදු වී තිබුණු බවත්, උසස්වීම් තබා මේසයක් පුටුවක් ලබා ගැනීමත් එකල මහ අමාරු …
Continue Reading
හිරුනිකා ඔයා කවුද?
හිරුනිකා පේමචන්ද්‍ර මෑත දී දේශපාලනයට ආ නිරූපිකාවකි. දැනුදු ඇය නිරූපිකාවකට වඩා වෙනස් නැත. නිරූපණය කරන දේවල් ටිකක් වෙනස් වී ඇති බව සැබෑ මුත් වැඩේ එක ය. ඇය පසුගිය දවසක තරුණයෙක් පැහැරගෙන යාමේ චෝදනාවට ඇප පිට නිදහස්ව සිටින්නී ය. ඇය අත්අඩංගුවට ගත් පොලිසියේ නිලධාරින් ඇයව ගෙන ගියේ ගමේ ජෙමයියා, සිමයියා කෙහෙල් කැණක් හොරාට කැපූ විට අල්ලාගෙන යන තාලයට නම් නොවේ. මඟුල් …
Continue Reading
ලක්ෂ 15ක මාසික වැටුපකට ඔට්ටු වෙන සභාපති කවුද?
තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා තම වැටුප රුපියල් ලක්ෂ 15ක් කරගැනීමට බරපතල සටනක නියැලී සිටින බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලෝක වෙළඳපලේ ඉන්ධන කෙතරම් මිල අඩු වුව ද එහි සහනය ජනතාවට බිංදුවක්වත් ලැබුණේ නැත. ඒ මදිවාට එහි සේවක අතිරික්තය ද විශාල ගණනක් බව දැනගන්නට ඇත. මේ අතර තෙල් සංස්ථාවේ වත්මන් සභාපති ටී.ජී ජයසිංහ නමැති අය තම වැටුප ලක්ෂ 15ක් …
Continue Reading
“මාධ්‍යවේදීන් යනු පෑන *** ගහගෙන ඉන්න අය යි!” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රාථමික අධ්‍යාපනයක්වත් ලබා ඇත් දැ යි සැක හිතෙන තරම ය. තම එක ම සුදුසුකම කට වාචාලකම යැ යි බොහෝ විට පෙන්වා ඇති ලක්ෂ්මන් කිරිඇල්ල විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීම වෙනුවෙන් ලිපියක් නිකුත් කර තම තවත් නුසුදුසුකමක් පෙන්වා සිටියේ ය. ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැ යි කියන්නට තරම් සමාජ මතය බලවත් වෙද්දී එය සාධාරණීකරණය කරන්නට නිවේදන නිකුත් කරන්නට ගොස් …
Continue Reading
ලක්ෂ 910ක ජනතා මුදලින් හැදූ අම්මගෙ-අප්පගෙ කෞතුකාගාරය!
මෙරට දේශපාලනය අනාදිමත් කාලය සිට පැවත එන්නේ ජනතාව මූලික කරගෙන නොව තමා මූලිකව සිතීමෙනි. ජනතා නියෝජිතායතනයකට පත් වෙන කවුරුන් හෝ පළමු මොහොතේ සිට තම පවුල ගොඩ දමාගන්නට වලිකෑම ඉහඳ ගසා ඇති රෝගයකි. මෙම රෝගය වඩාත් බරපතල ලෙස උත්සන්නව තිබූ කාල වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලන කාලය හැඳින්විය හැකි ය. විශාල ප්‍රමාණයේ වැසිකිලියක් නිර්මාණය කළ ද එය තම නම දමා ගැනීමේ …
Continue Reading
ගහෙන් වැටුණු යෝෂිතට ගොනා අනියි!
අද(29) දිනයේ ද මුදල් විශුද්ධිකරණ සහ පොදු දේපළ පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂට ඇප ලැබුණේ නැත. ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29)කැඳවූ අවස්ථාවේදී අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඇප ලබා දීමට එරෙහිව රජයේ නීතිඥවරයා දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකරනු …
Continue Reading
මෙවැනි රටකට නොවෙද ඉර හඳ පායන්නේ?
කුලියාපිටිය යනු ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ සියලු ම දේවල් පාහේ කේන්ද්‍රව ඇති කොළඹ සිට කුලියාපිටියට ඇත්තේ යාන්තම් කිලෝමිටර් 80ක් පමණ දුරකි. එහි වෙසෙන එක්තරා මවකට සිය දරුවා පෙරපාසල් අධ්‍යාපනයෙන් පසුව පාසලක ඇතුළත් කරගැනීමට නොහැකි ව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කරන ලද බව වාර්තා විය. දැනටමත් බොහෝ අය දන්නා පරිදි ටික කලෙකට ඉහත දී මේ දරුවාගේ පියා හදිසියේ …
Continue Reading
මෙසේ ද සිදු විය!
කාලය සහ අවකාශය විසින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙතැ යි දාර්ශනිකයෙක් පැවසුවේ ය. කාලය විසින් මවන වෙනස පිළිබඳ ව බොහෝ කලා නිර්මාණවල අඩංගුවන අතර අප මේ කියන්නට යන්නේ, දේශපාලනය තුළ කාලය මැව් වෙනසක අරුමය යි. මහින්ද රාජපක්ෂ රජයේ සිටි නීලකාස හොරුන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, පගා මරුවන්, ජනතා පීඩාකාරී කාර් රේස් කරුවන් ගැන කවුරුත් දනිති. තාජුඩීන් ඝාතනය මිනීමරුමක් බව කියන්නේ දැන් ය. …
Continue Reading
ඕනෑ ම ගොනෙකුට විශ්වවිද්‍යාල ඇදුරෙක් විය හැකි ය!
ශ්‍රී ලංකාණ්ඩුවේ ඇමැතිවරු කාලයක සිට ලියුම් දෙති. තරුණ වයසේ පසුවන අය ලිපි හුවමාරුව අවසන් කර දැන් කාලයක් ගත වී ඇතත් ඇමැතිවරු එය අවසන් කර නැත. තමන්ට කඩේ ගිය මෝඩ ජනතාව රස්සාවල් ඉල්ලා ගෙදරට එද්දී, නොයෙක් රස්සාවල් ලබා දෙන්නැයි කියා ලියුම් ගැසීම ඇමැතිවරුන්ගේ සාමාන්‍ය සිරිත යි. නාමල් රාජපක්ෂ විශ්වවිද්‍යාලට ළමයෙක් ඇතුල්කරන්නට ද ලියුමක් දී තිබුණි. දැන් එහි දෙවැනි සංස්කරණය නිකුත් වී …
Continue Reading