දේශීය ආදායම් බදු පනත සම්මතයි; 2018 අයවැයත් සූදානම්

දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද(07) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. කාරක සභා අවස්ථාවේ දී සිදුකළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 90 ක් හා විරුද්ධව ඡන්ද 25 ක් හිමි වී තිබූ අතර ඒ අනුව දේශීය ආදායම් බදු පනත වැඩි ඡන්ද 65 කින් සම්මත වී ඇත. එසේම 2018 වසර සදහා වන අයවැය නොවැම්බර් මස 9 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන …

Continue Reading

සිල්රෙදි නඩුව: රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ දෙපලක් වරදකරුවෝ වෙති

සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව අද(07) ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා …

Continue Reading

බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක්‌ ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය. 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය …

Continue Reading

බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව තර කරයි; රහස්‌ බහා තබන්න විශේෂ ආරක්ෂිත සේප්පුවක්

බැඳුම්කර කොමිසම පිහිටි පරිශ්‍රයේ ආරක්ෂාව සහ කොමිසමේ රහස් සාක්‌ෂිවලට අදාළ ලිපි ලේඛන සහ සන්නිවේදන උපකරණවල ආරක්‌ෂාව සඳහා විශේෂ විධිවිධාන යෙදීමට ඊයේ(06) කටයුතු කරණු ලැබිණ. බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි ඊට අදාළ ලිපි ලේඛන සහ සන්නිවේදන උපකරණවල ආරක්‌ෂාව සඳහා ඒවා බහාලීමට විශේෂිත ලෝහ සේප්පුවක්‌ එම කොමිසම වෙත ගෙන එනු ලැබීය. පෙරේදා (05 දා) සවස සිට කොමිසම පරිශ්‍රයේ ආරක්‌ෂාව තරකිරීමෙන් පසු මෙම සේප්පුව කොමිසම …

Continue Reading

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව රු.100,000/- ක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මසකට රු.100,000 බැගින් දීමනාවක් ලබා දීමට රු. මිලියන 134.4ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙයට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුම හිමිකම් කියන අතර ඊට කිසිවෙකු විරුද්ධ නොවනු ඇති බව සඳහන්.

Continue Reading

මගේ සැත්කමට ලක්‍ෂ 100ක් ගත්තත් මගේ තීරණ නිසා පිළිකා රෝගීන්ට ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබා දෙනවා

මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ 100 ක්‌ වැය කිරීම ගැන ඇතැමුන් මට චෝදනා කළත් මගේ තීන්දුවක්‌ නිසා ඇතැම් පිළිකා රෝගීන්ට රජයෙන් රුපියල් ලක්‍ෂ 100, ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබාදීම ගැන කතා කරන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. මඩකලපුව නින්දවූර් රෝහල ඉදිකිරීම සඳහා පෙරේදා (04 දා) එක්‌වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන්, බෑනාට සහ සමාගමට සංවේදී රහසිගත තොරතුරු ලබාදී ඇතිබව හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ …

Continue Reading

නෙළුම් කුලුනේ ඉදිකිරීම් ජනපති නිරීක්‍ෂණය කරයි

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05 දා) පෙරවරුවේ එහි ගියේය. අදාළ ඉංජිනේරුවන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්‍ෂම කිරීමට ද උපදෙස්‌ ලබා දුන්නේය. ජනාධිපතිතුමන් නිරීක්‍ෂණ චාරිකාවේ නිරතව සිටි අයුරු සහ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුන ඡායාරූපවල දැක්‌වේ.

Continue Reading

පර්පෙචුවල් සැඟවූ රහස්‌ එළියට!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් දුරකථන ඇමතුම් දත්ත මකා දමා සැඟවීමට උත්සාහ කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවල ලංසු ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු රැසක්‌ අද බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මුල්වරට හෙළිදරව් කිරීමට නියමිත බව එම කොමිසමේ සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙලෙස අනාවරණය වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මකා දමා පසුව එම ඇමතුම් දත්ත ගබඩා කර තිබූ …

Continue Reading

හෙටත් වැසි! ආපදා තත්ත්වයන් ගැන විමසිල්ලෙන් ඉන්න!

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් ගාල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නාය යෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මේ අතර පොළොන්නරුව, කඳුරුවෙල ඇතුළු ප්‍රදේශ 06 ක් හරහා හමා ගිය තද සුළං …

Continue Reading