මගේ සැත්කමට ලක්‍ෂ 100ක් ගත්තත් මගේ තීරණ නිසා පිළිකා රෝගීන්ට ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබා දෙනවා

Spread the love

මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ 100 ක්‌ වැය කිරීම ගැන ඇතැමුන් මට චෝදනා කළත් මගේ තීන්දුවක්‌ නිසා ඇතැම් පිළිකා රෝගීන්ට රජයෙන් රුපියල් ලක්‍ෂ 100, ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබාදීම ගැන කතා කරන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මඩකලපුව නින්දවූර් රෝහල ඉදිකිරීම සඳහා පෙරේදා (04 දා) එක්‌වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෙනස්‌කම් රැසක්‌ සිදුකර තිබෙනවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වන විට පිළිකා රෝගියකුට ලබාදීමට නියමව සිටියේ රුපියල් ලක්‍ෂ 15 ක ඖෂධ පමණයි. නමුත් එම මුදල රෝගියාගේ ජීවිත කාලය දක්‌වා ඖෂධ ලබා ගැනීමට තීන්දු කිරීමත් සමඟ මේ වන විට රුපියල් ලක්‍ෂ 100, ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබාදී තිබෙනවා. එම වියදම් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය දරනවා. මේවා ගැන කතා නොකර මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලෙන් ගත්ත ලක්‍ෂ 100 ගැන චෝදනා කරනවා.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ඖෂධ හිඟයක්‌ තිබෙන බවට අසත්‍ය ප්‍රචාර මතු කළා. නමුත් තංගල්ල හා මොනරාගල රෝහල්වල අවශ්‍ය තරම් ඖෂධ තිබෙනවා. මෙම අවස්‌ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය µයිසාල් කාසීම් මහතා ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනකුද සහභාගී වූහ.

RSL

Related Posts