පළාත් පාලන ඡන්දය දෙසැම්බර් 09 !

පළාත් පාලන මැතිවරණ පනත සම්මත වීම හේතුවෙන් කිසිඳු බාධාවකින් තොරව එළඹෙන දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දෙසැම්බර් මාසයේ දී මැතිවරණය පවත්වන්නේ නම් එය දෙසැම්බර් නව වැනිදා පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය. ටී.වී.දෙරණ ඔස්සේ විකාශය වන 360 වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් …

Continue Reading

ලංකාවේ කැළෑවල අලි අල්ලා පිටරටට විකිණීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – අමාත්‍ය පරණවිතාන

ශ්‍රී ලංකාවේ වනාන්තරවල රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි-ඇතුන් සිටිනා බවත්, එම අතිරික්ත අලි-ඇතුන් අල්ලා විදේශයන්ට විකිණීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (04) බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති බලංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. වටවල ප්‍රදේශයේ ජනතාව මූණ පා සිටින වන අලි ගැටළුව …

Continue Reading

දේශපාලඥයින් නිල කබා වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි – ෆීල්ඩ් මාෂල් (Video)

දේශපාලඥයින් නිලකබා වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සෑම දේශපාලඥයෙකුම තමන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ වගකීමෙන් සිදු කළ යුතු බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. අතීතයේ වෙනසක් නැතුව වරදක් කළ විට හමුදා නිලධාරීන්ට දඩුවම් ලබා දුන් බවත් එනිසා රජයක් ලෙස ජනතාවගේ …

Continue Reading

කුප්‍රකට පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීම සහ එසේ මකන ලද දත්ත කොමිසමට ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බවත් මේවා අපරාධමය වැරදි යටතේ ගැනෙන කරුණු බැවින් මේ තත්ත්වයන් යටතේ තමාට තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් මේ කොමිසම හමුවේ පෙනී සිටීමට හැකියාවක්‌ නැති බවත් මෙතෙක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු …

Continue Reading

කුප්‍රකට සරණ ගුණවර්ධන යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනාව යටතේය. ගුණවර්ධන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටෙන්ඩර් මණ්ඩලයේද සභාපතිවරයා …

Continue Reading

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කළ බවට තමා දන්නා බව පැවසීම තුළ ම වසර 8ක් පුරා යුද අපරාධ වසන් කිරීම හේතුවෙන් මෙලෙස හිටපු …

Continue Reading

ෆීල්ඩ්මාෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගේ විරෝධය

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (03 දා) ඉල්ලා සිටියේය. එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය. පසුගිය …

Continue Reading

මේ රටේ කිසිවෙකුට කිසිඳු ලෙසකින් අත තියන්න මම ඉඩ තියන්නේ නෑ – ජනපති යළි සහතික කරයි

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ කිසිඳු ලෙසකින්වත් අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රීලනිප 66 වෙනි සංවත්සර උත්සවය කොළඹ – කැම්බල් පිටියේදී අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ “ මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක …

Continue Reading

හි.ජ.කු.පා.ම මහින්දට ෂුවර් නැති වෙයි; ඉල්ලපු ඡන්දයට එල්ලෙන්න පක්ෂ සොයයි

හිටපු ජනාධිපති, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ කණ්ඩායම දිගින් දිගටම රජයෙන් පවත්වන ලෙස ඉල්ලූ පළාත් පාලන මැතිවරණයට තම පක්ෂයට එල්ලෙන්නට පක්ෂයක් සොයමින් සිටී. ඒ වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධානී කුප්‍රකට බැසිල් රාජපක්ෂ මේ දිනවල කඩේ යමින් සිටින අතර ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී …

Continue Reading

පුංචි ඡන්දය දෙසැම්බර්

පළාත් පාලන මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියළුම අංශවල නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් රජය මෙම තීරණයට එළැඹ තිබේ. ඒ අනුව මහ නගර සභා 23 ක, නගර සභා 41 ක සහ …

Continue Reading