හෙටත් වැසි! ආපදා තත්ත්වයන් ගැන විමසිල්ලෙන් ඉන්න!

Spread the love

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් ගාල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නාය යෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ අතර පොළොන්නරුව, කඳුරුවෙල ඇතුළු ප්‍රදේශ 06 ක් හරහා හමා ගිය තද සුළං තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට දිනය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේය.

RSL

Related Posts