පොලිතීන් වැඩේ අසාර්ථකයි

පොලිතීන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ තහනම් කරනු ලැබූ පොලිතීන් වර්ග වෙනත් ආකාරවලින් යලි වෙළෙඳපොළට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි. එම පොලිතීන් වර්ග පෙර පැවති පොලිතීන් වර්ග වලට වඩා මිනිස් සිරුරට අහිතකර බව හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.

Continue Reading

“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා (Video)

කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී. නාම යෝජනා ලබා දෙනවා යැයි පවසා බැසිල් රාජපක්ෂ මහතා තමන්ව නොමග …

Continue Reading

ජනතාව අන්දවමින් සයිටම් උපාධි අලෙවි ආයතනය ස්ලිට් වෙත පැවරීමේ සූදානමක්!

සයිටම් අර්බුදය විසඳීමට පත් කළ කමිටුව සිය අවසන් සාකච්ඡාවේදී සයිටම් ආයතනය ස්‌ලිට්‌ ආයතනයට පැවරීමට ගත් තීරණය කමිටු සාමාජිකයන් ඒකමතිකව අනුමත කර ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවසීය. එම කමිටුවට වෛද්‍ය සංගම්, පීඨාධිපතිවරුන් ඇතුළු රැසක්‌ සහභාගි වූ බවද සියලු දෙනා එම තීරණයට එකඟ වී ඇති බවද හෙතෙම කීය. කමිටුව අවසන් වී එළියට පැමිණ යළි කමිටුවට …

Continue Reading

ඇස්බැස්ටස් තහනම ඉවතට

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර නිල් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සඳහා ඇති තහනම තවදුරටත් පවතියි. පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය 2015 වසරේදී ප්‍රකාශ කළේය.

Continue Reading

පුංචි ඡන්දෙට ඇප තැන්පත් කිරීම අදින් අවසන්

පෙබරවාරි දහ වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00න් අවසන් වේ. නාමයෝජනා භාරගැනීම හෙට දහවල් 12.00න් අවසන්වීමට නියමිතය. අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන අතර පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම …

Continue Reading

කිලිනොච්චියේ වළ දමා තිබූ ප්‍රභාකරන්ගේ අතීතයක් යළි මතුවෙයි

කිලිනොච්චිය රාමනාදපුරම් හි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි. පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරෙහි ඉඩම් ජනතාවට ලබාදීමෙන් අනතුරුව නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමේ හිමිකරු අත්තිවාරම කපමින් සිටියදි ආරක්ෂිත බහාලූමක දමා වළදමා තිබූ සීඩි පට හමුවීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ …

Continue Reading

පුංචි ඡන්දය පෙබරවාරි 10 දා

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අද(18) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තෙන් සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ දැනුම්වත් කර තිබුණ ද ඊට අනුව කටයුතු නොකිරීම නාමයෝජනා …

Continue Reading

අද විසඳුම් නැතොත් ලංවීම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලිබල මණ්‌ඩල සේවකයන්ට බලපා තිබෙන ගැටලුවලට අද (18 දා) දවස ඇතුළත විසඳුමක්‌ ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාට ඊයේ (17 දා) පැවැසීය. තම ඉල්ලීම් අතර ප්‍රසාද දීමනා ලබාගැනීම 2014 වර්ෂයේදී ඉංජිනේරුවන් සඳහා පමණක්‌ එවක පැවැති රජය වැටුප් වැඩිකිරීම නිසා ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, අතිකාල කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු …

Continue Reading

වැඩි මිලට පොල් විකිණූ 250ක්‌ අත්අඩංගුවට

රුපියල් 75 ක්‌ වන උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් පොල් අලෙවි කළ වෙළෙඳුන් 250 දෙනකු පසුගිය සතියේදී අල්ලා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පාරිභෝගික පනත උල්ලංඝනය කර ඇති මෙම වෙළෙඳුන්ට එරෙහිව ඉදිරියේ අදාළ අධිකරණවලදී නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද එම අධිකාරිය කියයි. රුපියල් 75 ක උපරිම සිල්ලර මිලක්‌ නියම කර ඇති පොල් ගෙඩියක්‌ රුපියල් 80, 95, 100, 120 …

Continue Reading

තැපැල් වෘත්තීය සමිති විරෝධතාවකට සැරසෙයි

අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින් බඳවා ගැනීම් පටිපාටයේ පවතින ගැටළු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව එහි සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ ද ඒ සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව ඔහු සඳහන් …

Continue Reading