වැඩකරන ජනතාවගේ EPF ඩොලර් මිලියන 4 ක් වතුරේ..
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන සේවක අර්ථසාධක අරමුදල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වල ඇමෙරිකානු ඩොලර් මිලියන හතරක මුදලක් ආයෝජනය කර ඇති අතර එම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියක්ද ලැබී නැතැයි එම සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර්Êමහත්මිය ඊයේ (06 දා) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් …
Continue Reading
ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද …
Continue Reading
වෛද්‍ය සභාව අහෝසි කිරීමේ සැලැස්මක්!
වෛද්‍ය සභාව අහෝසි කළහොත් ඉතිහාසයේ දැවැන්තම වෛද්‍ය වැඩ වර්ජනය පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් කරුණු දැක්වූ බව ද ලේකම්වරයා සඳහන් කළේය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ උත්සාහය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බව …
Continue Reading
විමල්ට එරෙහි නඩු ඇසීමට දින නියම කරයි
රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය. මෙම නඩුව අද(06) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ පරිගණක …
Continue Reading
ඉතිහාසයේ පළමු වරට මෙවර උසස් පෙළට නියමිත වෙලාවට අමතරව තවත් සහන කාලයක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට පැය තුනක ප්‍රශ්න පත්රයකට විනාඩි 10ක විශේෂ සහන කාලයක් හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. එසේම හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයේදි විභාග අපේක්ෂකයන්ට සහන රැසක් සලසමින් විභාග වංචා අවම කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා …
Continue Reading
ලංකාවේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම වාහනයක්!
ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයකුට වාහනයක් තිබෙන බව වාර්තා වී ඇති බවත්, මේ තත්ත්වය මත පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මඟී ජනතාව 70% සිට 48%ක් පමණ සංඛ්‍යාවකට අඩු වී ඇති බවත්, එය දියුණු වෙමින් පවතින රටකට ඉතා අහිතකර තත්ත්වයක් බවත් ප්‍රවාහන විශේෂඥ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසයි. ඒ මහතා පවසන අන්දමට මෙරට ලියාපදිංචි වාහන …
Continue Reading
පත්තරේ දැක්ක ජනපති හද ගැස්සෙයි! සත පහකින් වත් පඩි වැඩි කරන්න නොදෙන බව තරයේ කියයි (වීඩියෝ)
මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කරගැනීමට යෝජනා වී ඇතිබව තමා මේ ඉරිදා එන පත්තරයෙන් දුටු බවත්, එම පඩි වැඩි කිරීමේ යෝජනාවට තමා කැබිනට් මණ්ඩලයේදී ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය. වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ සත පහකින්වත් වැටුප් වැඩි කිරිමට කිසිදු අනුමතියක් ලබා නෙදෙන බවත්, කැබිනට් මණ්ඩලය තුළදී එම යෝජනාව සම්මත කිරීමට …
Continue Reading
උතුර සංවර්ධනයට ඇති අගමැති රනිල්ගේ සැලැස්ම කියයි
පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට මේ වන විටත් පියවරගෙන අතර උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්රවල දියුණුවක් ඇති කිරීමට තමා සැලැසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි …
Continue Reading
සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ මාධ්‍ය නිදහසට තර්ජනයක්!
පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහස වන බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ …
Continue Reading
කඩා වැටෙන ක්‍රිකට් ගොඩගන්න 96 ලෝක ශූරයෝ රහසිගත සාකච්ඡාවක!
96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ (03) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වූ බව වාර්තාවනවා. කොළඹ ගාලුමුවදොර බරකුඩා හෝටලයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කාමරයේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. තහවුරු කළ තොරතුරුවල දැක්වෙන්නේ එම තීරණාත්මක සාකච්ඡාවට ලෝක ශූර කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහභාගි වී ඇති බවයි. රොෂාන් …
Continue Reading