දුම්රිය වර්ජනය දිගටම.. බස් වර්ජනය හෙට සිට..

දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයන් පසුගිය 08 වැනිදා සිට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අද (11) දිනයේත් අඛණ්‌ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. ඊයේ (10) දිනයේත් වර්ජනය නැවැත්වීමට රජයෙන් කිසිදු සාකච්ඡාවක්‌ හෝ නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් පවසයි. මේ අතර තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස …

Continue Reading

දුම්රිය වර්ජනය දිගටම! ජනතාව දැඩි අසීරුතාවයක..

වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට රජයට බල කරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් අරඹා තිබෙන අඛණ්‌ඩ දුම්රිය වර්ජනය නිසා මගීහු දහස්‌ ගණනක්‌ ඊයේත් (09) දැඩි අපහසුතාවට පත් වූහ. කාර්යාල සේවකයන් මෙන්ම අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද මේ හේතුවෙන් දැඩි පීඩාවට පත් වූහ. පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා (08) සවස තුනට හදිසියේ දුම්රිය වැඩ වර්ජනය දියත් කළ නිසා අසරණ …

Continue Reading

දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති මාසික වැටුප් ලක්ෂ 2ක ඉක්මවයි

වැඩ වර්ජනයේ යෙදී සිටින රියැදුරන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ අතිකාල දීමනා සමඟ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. දුම්රියේ සෙසු සේවකයන් භාවිත කරන පැමිණීමේ සහ පිටව යාමේ ඇඟිලි සටහන් යන්ත්‍රය මොවුන් භාවිත නොකරන බවත්, ඔවුන්ට අවශ්‍ය පරිදි පොතක පමණක් අස්සන් කර අතිකාල ලබා ගන්නා බවත්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හෙළිදරව් කළේය. ඒ අනුව ඔවුන් වැඩ වර්ජනයක …

Continue Reading

වර්ජනවලින් අපිට රිදෙන්නේ නෑ; තැලෙන්නේ දුප්පත් ජනතාව – ජනපති

වැඩ වර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා යැයි කවුරු හරි හිතනවා නම් එය මිථ්‍යාවක් බවත්, රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විභාගය අවසන්ව ගෙදර යන පුංචි දරුවන් ගැන විතරක් දුම්රිය වැඩ වර්ජනය සිදු කරන අපේ හිතවත් මිත්‍රයන් සිතන්නේ නම් මෙවැනි වැඩ වර්ජනයක් ක්‍රියාවට නැංවීමට තරම් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙනු ඇති බවත් එසේ වන්නේ නම් මනුෂ්‍යත්වයේ සැබෑ යථාර්ථය …

Continue Reading

විශේෂ රාජ්‍ය කොමිසමක් සමඟින් මංගලගෙන් අලුත් කතාවක්!

දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින් සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට එන සතිය වන විට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී …

Continue Reading

බැඳුම්කර කොල්ලයට පැටලුණු තවත් සමාගම් 5ක විස්තර ඉල්ලයි; ඇලෝෂියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු සමාගම් 05කට අයත් බැංකු ගිණුම් විස්තර ශ්‍රී ලංකා මහබැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට්, පර්පෙචුවල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් සහ පර්පෙචුවල් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් 05ට අයත් බැංකු ගිණුම් වල විස්තර …

Continue Reading

දහසක් ගණන් මගී ජනතාව අනතුරේ හෙලූ දුම්රිය අවුලට මුල මංගලගේ මොංගල් වැඩ..!

දුම්රිය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගියදා විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් දැක්වූ විරෝධතාවය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඉවත් දැමීම හේතුවෙන් ඊයේ (08) හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක විය. සේවකයින් 300කට අඩු පිරිසකට ලබාදිය යුතු වැටුප් වර්ධකයක් මුදල් අමාත්‍යවරයාගේ අමන්‍යෝන ක්‍රියාකලාපය තුලින් ලබාදීම නොදීම හේතුවෙන් ඊයේ(08) මෙලෙස දස දහස් ගණනක මගී ජනතාව …

Continue Reading

අධිකරණයට අපහාස කර දඬුවම් නියම වූ චීවරදාරී ඥානසාර හිමි යළි සිරදඬුවමින් බේරෙන්න දගලයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් චීවරදාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම …

Continue Reading

දැනට 4කට මරු කැඳවා ඇති සාදය පිටුපස ප්‍රබල ඇමතිවරයෙක්! ආරක්ෂක අංශ නිහඬයි

වාද්දුවේ සාදය සංවිධානය කිරීම පිටුපස කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකු සිටින බව ජාතික නිදහස්‌ පෙරමුණේ ජාතික සංවිධායක කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (07) පැවැසීය. මෙම සාදයේදී විෂ ශරීර ගතවීම නිසා තරුණයන් සිවු දෙනකු මියගොස්‌ ඇතත් ඊයේ වන තෙක්‌ එය සංවිධානය කළ කිසිවකු අත්අඩංගුවට නොගැනීම මෙයට ප්‍රබල සාක්‍ෂියක්‌ බවද ඊයේ ජාතික නිදහස්‌ පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවැසීය. …

Continue Reading

සමාජ ජාල මාධ්‍ය ගැන බුද්ධි අංශ සීරුෙවන්!

මෙරට සමාජ මාධ්‍ය තුළ ඇති විපර්යාසයන් කෙරෙහි යුධ හමුදා බුද්ධි අංශ අවදියෙන් බලා සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා සිදු වන විවිධ වූ කරුණු සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශ විශේෂයෙන් අවධානය යොමු කැර ගෙන සිටින්නේ එම සමාජ මාධ්‍ය ජාලා මඟින් විවිධ ආකාරයේ දේවල් පළ කරන අතර ඒ පිළිබඳ අවබෝධයක් ඇති කැර ගැනීම සහ …

Continue Reading