ජනපති රනිල්ගේ ආණ්ඩුවේ අපි ඉන්නේ හැමදේම හරි කියලා අත් උස්සන රූකඩ එහෙයියෝ විදියට..! මහින්දගෙන් නිවේදනයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉහළ …

Continue Reading

යුක්තිය මෙහෙයුමේ අවසන් පැය 24දී 2008ක් අත්අඩංගුවට..!

දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය”මෙහෙයුමේදී මධ්‍යම රාත්‍රී 12.30 අවසන්වූ ගතවූ පැය 24 තුල සැකකරුවන් 2008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එහිදී පිරිමි පුද්ගලයන් 1929 සහ කාන්තාවන් 79 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ. පුද්ගලයන් 185 දෙනෙකු සම්බන්ධයෙන් රැදව්ම් නියෝග මත විමර්ශන සිදුකරයි. සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් විමර්ශන ආරම්භ කර තිබේ. ගතවූ පැය 24 තුළ සිදුකර වැටලීම් වලදී අත්තඩංගුවටගත් …

Continue Reading

ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද පැවසු ඔහු ඉදිරි සති කිහිපය ඇතුළත එය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය. එතෙක් මෙම පුද්ගලයන්ගේ දේපළ පොලිස් භාරයට ගන්නා බවත් ඔහු …

Continue Reading

වැටුණු රට ගොඩනඟන බැසිල්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්ම එළිදකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වැටුණු රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ …

Continue Reading

ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවේ ප්‍රධාන ආරාධිත ලෙස ජනපති රනිල් එක්වෙයි

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවී තිබෙනවා. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබ තිබෙනවා. …

Continue Reading

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ජාතික සම්පත් විකිණීමක් නෙවෙයි – තාරක බාලසූරිය

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ජාතික සම්පත් විකිණීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව පවතින ආර්ථික ගැටලුව සඳහා මේ තුළින් යම් විසඳුමක් සොයාගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. යම් ආයතනයක් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමට සිදුවානම් එය ජාතික සම්පතක් ලෙස සඳහන් කළ නොහැකි බවත් රජය විසින් කොටස් ප්‍රමාණයක් තබාගෙන …

Continue Reading

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පවා පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් අද (24) අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ. 2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් …

Continue Reading

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සභාවෙන් පිටතට යන ලෙස කතානායක දැනුම්දෙයි

පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් මත කතානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හට සභාවෙන් පිටතට යන ලෙස දැනුම්දීමට කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාවේ කථාකරමින් සිටිය දී එම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් නිමල් ලාන්සාට පහරදීමට …

Continue Reading

යළිත් අරගලයකට මම ඉඩ දෙන්නේ නෑ – ජනපති

ආණ්ඩුව වෙනස් කිරීම සඳහා යළිත් අරගලයක් ඇති කරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේ සිදු කිරීමට පැමිණියහොත් හදිසි නීතිය සහ හමුදාව යොදවන බව ද අද අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා. ආර්ථික අර්බුදය විසඳන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් නොමැති බවත්, මැතිවරණයකට යනවා නම් …

Continue Reading

විපක්ෂයේ පක්ෂ රැසක් අයවැයට එරෙහි වෙයි

විපක්ෂයේ පක්ෂ රැසක් අයවැය දෙවනවර ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය හා උත්තර ලංකා සභාගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි සඳහන් වන්නේ. මෙම ඉදිරිපත් කර ඇති අයවැය තවදුරටත් අර්බුදයට ගමන් කරන අයවැයක් බවත් රාජ්‍ය දේපළ හා මහජන දේපළ විදේශිකයින්ට විකුණන අයවැයක් බවයි උත්තර ලංකා සභාගයේ …

Continue Reading