වැටුණු රට ගොඩනඟන බැසිල්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්ම එළිදකී

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වැටුණු රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ ඔහු ඊට ගැළපෙන තවත් යෝජනා එළඹෙන 15 වනදා කොළඹ පවත්වන පක්ෂයේ ජාතික සම්මේලනය දී ලබාගන්නා බවද කියා සිටියේය.

පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

RSL

Related Posts