ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

Spread the love

විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද පැවසු ඔහු ඉදිරි සති කිහිපය ඇතුළත එය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය.

එතෙක් මෙම පුද්ගලයන්ගේ දේපළ පොලිස් භාරයට ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ගත වූ දින දෙක තුන ඇතුළත පමණක් සිදු කරන ලද මෙහෙයුම්වලදී එවන් දේපොළ විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related Posts