යුක්තිය මෙහෙයුමේ අවසන් පැය 24දී 2008ක් අත්අඩංගුවට..!

Spread the love

දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය”මෙහෙයුමේදී මධ්‍යම රාත්‍රී 12.30 අවසන්වූ ගතවූ පැය 24 තුල සැකකරුවන් 2008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එහිදී පිරිමි පුද්ගලයන් 1929 සහ කාන්තාවන් 79 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයන් 185 දෙනෙකු සම්බන්ධයෙන් රැදව්ම් නියෝග මත විමර්ශන සිදුකරයි.

සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් විමර්ශන ආරම්භ කර තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුකර වැටලීම් වලදී අත්තඩංගුවටගත් පුද්ගලයන් 209 දෙනෙකු යොමුකර ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ සහ විශේෂ කාර්‍යංශයේ ලේඛන ගත සැකකරුවන්ගෙන් 228 දෙනෙකු එම මෙහෙයුම් වලදී අත්තඩංගුවට ගෙන ඇතිබව එම අමාත්‍යංශය පවසයි.

එම මෙහෙයුම් වලදී හෙරොයින් 2.4 Kg, අයිස් 1.2kg, ගංජා 12.2Kg සහ මත්පෙති 17054ක් ද සොයා ගෙන තිබේ.

එම කාලය තුල ගංජා පැල 73833 විනාශ කර තිබේ.

ගතවූ පැය 24 තුළ වැටලීම් 2324ක් සිදුකර ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related Posts